සීඅයිඩිය හඳුන්වා දුන් බිමට පැනීමේ ශූරතාව

1578

පන්නිපිටියේ පදිංචිව සිටි 46 හැවිරිදි අප්සරා මැණිකේ රාජපක්‍ෂ මීට දින කිහිපයකට පෙර සී.අයි.ඩිය මගින් අත්අඩංගුවට ගන්නා ලදි. ඇය රුපියල් මිලියන 60ක වංචාවකට සම්බන්ධ බවට තොරතුරු තිබිණි. අත්අඩංගුවට පත්වීමෙන් පසු එළැඹි දින පාන්දර 3.00 ට ඇය සී.අයි.ඩියේ 5 වැනි තට්ටුවේ ජනේලයකින් බිමට පැන්නාය. ඇගේ මළසිරුර කොළඹ මහ රෝහලේ මෝචරිය වෙත ගෙන යන ලදුව තවමත් එහි තැන්පත් කර ඇති බව දැන ගන්නට තිබේ.

සී.අයි.ඞී. හෙවත් කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව 1870 දී පිහිටුවන ලදි. මෙය පාලනය වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු යටතේ ය. පොල්ගෙඩියක් සොරකම් කිරීම, ගස්ලබු ගෙඩියක් හොරෙන් කඩා ගැනීම, පොකට්කාරයකු තව අයෙකුගේ සාක්කුවට බැසීම වැනි කාරණා සීඅයිඩියේ පරීක්‍ෂණ පරාසයට අයත් නැත. එහෙත් ශ‍්‍රී ලංකාවේ හොරපොල් කඩන්නන් සංගමයක් හැටියට සංවිධානය වී කටයුතු කරත් නම් ඒ පිළිබඳ පරීක්‍ෂණ කිරීමට සීඅයිඩියට පුළුවන. 5000 කින් පමණ සමන්විත හොරෙන් ගස්ලබු කඩන්නන්ගේ සංගමයක් පිහිටුවා ඇත්නම් ඒ ගැන ද සෙවීමට සීඅයිඩියට බලය තිබේ. ලංකාවේ මහා පරිමාණයේ සියලූම අපරාධ පරීක්‍ෂා කරන්නේ මේ දෙපාර්තමේන්තුව ය. මේ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ‘දිවයින’ පුවත්පතේ මාධ්‍යවේදීන්ට විශේෂ අවබෝධයක් තිබේ. සමහර කාලවලදී උදේට වැඩට එන්නාක් මෙන් අප පාන්දරින්ම යන්නේ සීඅයිඩියේ ක්‍ෂණික කැඳවීමට අනුව එහි මූලස්ථානයට ය. එහිදී කටඋත්තර දී එළියට බහින විට රෑ අට පහුවේ. කටඋත්තර දෙන අයට තුන්වේලම කෑම දීම සංග‍්‍රහශීලී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සිරිතය. ඒ සමගම තුන්වේලම සීඅයිඩියෙන් කන මිනිහා අවුරුදු හත අටකට කල්දේරම් බත් කන්නට වැලිකඩ යැවිය හැකි නම් සීඅයිඩිය එය ද නොපමාව කරයි. සෑම කාලයකදීම මේ ආයතනය තිබෙන්නේ දේශපාලන අතකොළුවක් ලෙස ය. ඒ ඒ ආණ්ඩුවල සිටින හපුටු ඇමැතිවරු සීඅයිඩියේ ලොක්කන්ට උපදෙස් දුන්හ. උදාහරණයක් වශයෙන් යහපාලන ආණ්ඩු සමයේදී මෙම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ වූද, පසුව හිරේ විලංගුවේ වැටී එහෙම්මම විශ‍්‍රාම ගියා වූද, ශානි අබේසේකර නමැති අය සියලූම උපදෙස් ගත්තේ රන්ජන් රාමනායකගෙන් හා රාජිත සේනාරත්නගෙනි. විශේෂයෙන් ම ‘දිවයින’ සමග බද්ධ වෛරයකින් පසු වූ යහපාලන සීඅයිඩිය අපේ මාධ්‍යවේදීන් සහ කර්තෘවරුන් නිතර එහි ගෙන්වා අපහරණයට ලක් කළහ. මේවා පිටුපස ශානි අබේසේකර සිටි අතර, ඔහුගේ දඩ බල්ලන් ලෙස කටයුතු කළෝ තිසේරා සහ නිශාන්ත ද සිල්වා නමැති නිලධාරීන් දෙදෙනා ය. යහපාලන ආණ්ඩුව පෙරළුන ගමන් නිශාන්ත රට පැන්නේය. ශානි රිමාන්ඞ් විය. තිසේරා අදටත් ඉතා හොඳින් සිටියි. ඔහු සමග පොහොට්ටු දේශපාලනඥයෙක් හිතවත් බව ආරංචි ය.

සීඅයිඩියේ සියලූම ජනෙල්වලට දැල් ගසා තිබේ. එයට හේතුව එහි ගෙනෙන සැකකරුවන් තවදුරටත් ගුටි කෑමට බැරි තැන ජනෙල්වලින් බිමට පැනීමට තැත් කිරීමය. එවිට අත පය කැඞී ඒ මිනිස්සු මියයති. සීඅයිඩියෙ උඩ තට්ටුවකින් බිමට පැන්න පළමුවැන්නා අප්සරා මැණිකේ රාජපක්‍ෂ නොවේ. 1965 ද මෙවැනි සිදුවීමක් විය. ඒ කතාව මෙසේය;

එවකට පැවැතියේ ඩඞ්ලි සේනානායක අගමැතිගේ ආණ්ඩුව ය. ඊට පෙර පැවැති බණ්ඩාරනායක ආණ්ඩුවෙන් පලිගැනීම සඳහා ඩඞ්ලිගේ ආණ්ඩුව එහි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු වූ ජේ. ආර්. ජයවර්ධන සමග ව්‍යාපෘතියක් දියත් කළේය. ඒ වූ කලී බණ්ඩාරනායක ආණ්ඩුවේ සිංහල බෞද්ධ ප‍්‍රතිපත්ති ටික ටික ඉවත් කිරීමය. මේ සඳහා වධ බන්ධන දී මිනිසුන් හීලෑ කර ගැනීම, එවකට සීඅයිඩියට ගෙන්වා තිබූ බෙලිඅත්ත පොලිසියේ ඕඅයිසී වධකයා වූ රාහුල සිල්වා ලවා ස්තී‍්‍රන් දූෂණය කිරීම යනාදිය ඒ ආණ්ඩුව කළේය. මේ අතර බණ්ඩාරනායක මැතිනියගේ හිතවතුන් කීපදෙනෙකු වූ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එන්. කි්‍යු. ඩයස්, හේන්පිටගෙදර ඤාණසීහ හිමි, සිරිසේන නමැති යුද හමුදා කපිතාන්, තිලකවර්ධන නමැති යුද හමුදා සාජන්වරයකු සහ බණ්ඩාරනායක මැතිනියගේ ප‍්‍රමුඛ ආධාරකරුවකු වූ එල්. වී. පොඩිඅප්පුහාමි හෙවත් දොඩම්පෙ මුදලාලි ද සීඅයිඩියෙන් අත්අඩංගුවට ගන්නා ලදි. දොඩම්පෙ මුදලාලිගෙන් ප‍්‍රශ්න කිරීම භාර වූයේ බෙලිඅත්තේ පොලිස් වධකයා වූ රාහුල සිල්වාට ය. සාජන් තිලකරත්න සහ දොඩම්පෙ මුදලාලි නිරුවත් කර දරුණු ලෙස පහර දුන් රාහුල සිල්වා සීඅයිඩියේ හතරවැනි තට්ටුවේ පඩිපෙළ පාමුල දොඩම්පෙ මුදලාලි බාවා පඩිපේළි හයක උසක සිට මුදලාලිගේ පපුව මතට පැන්නේය. ඔහුගේ ඉළඇට සියල්ලම කැඩිණ. ස්වල්ප වේලාවකට පසු සීඅයිඩියෙ තට්ටු හතරක් බිම ඔහුගේ මළසිරුර විය. ඊළඟ අවස්ථාව ලැබුණේ සාජන් තිලකරත්නට ය. ඔහුගේ ඉළඇට ද ඒ ආකාරයෙන්ම කඩන ලදි. ඊළඟට ඔහුගේ මළසිරුර ද තට්ටු හතරකින් පහළ බිමට වැටිණ. පහර දී තුවාල කරන ලද සිරුරක් තට්ටු හතරක් හෝ පහක උසකින් බිමට ඇද වැටීමේදී ඉළඇට කැඞී යයි. මෙවිට එය මිනීමැරුමක් නොව හදිසි අනතුරු එකවුන්ට් එකකට බැර කළ හැකිය. දොඩම්පේ මුදලාලිගේ සිද්ධියෙන් පසු සීඅයිඩියේ සියලූම මහල්වල ජනෙල්වලට යකඩ කම්බි දැල් ගසන ලදි. සමහර විට බිමට පැනීමට අත්‍යවශ්‍යම කෙනෙකුට පහසුකම් සැලසීම සඳහා පස්වැනි මහලේ ජනෙල්වලට කම්බි දැල් නොගසන්නට ඇත. අප්සරා මැණිකේ රාජපක්‍ෂ බිමට පැන්නේ සීඅයිඩියේ පස්වැනි තට්ටුවේ වූ එවැනි ජනේලයකින් විය යුතුය.

සීඅයිඩියේ උඩුමහලක ජනේලයකින් කෙනෙකු ඇත්තටම බිමට පැන්නත් කවුරුවත් ඒ බව විශ්වාස නොකරති. ඔවුන් හැම දෙනාම කියනු ඇත්තේ සීඅයිඞී නිලධාරීන් අදාළ පුද්ගලයා මරා හෝ පණපිටින් ජනේලයෙන් එළියට වීසිකර ඇති බවය. සීඅයිඩියේ ඍෑඡඹඔ්ඔෂධභ එක ඒ තරමට ම කුණු වී තිබේ. කුරුණෑගල රෝහලේ වන්ද්‍යාකරණ සිද්ධිය සම්බන්ධයෙන් කතාබහට ලක් වූ දොස්තර සාෆි නීත්‍යානුකූල නොවන මාර්ගවලින් මුදල් හම්බ කළේ යැයි සැකපිට සීඅයිඩියේ රඳවා තබන ලදි. සාෆිගේ පුවත පළ කළ ‘දිවයින’ පුවත්පතේ කතුවරයා හා එය ලියූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා කටඋත්තර ලබාදීම පිණිස එදිනම සීඅයිඩියට ගෙන්වන ලදි. එහිදී එම කතුවරයා සහ ලේඛකයා දොස්තර සාෆිට සහ ඔහුගේ බිරියට පෙන්වීමට ශානි අබේසේකරගේ අනුදැනුම ඇතිව හෝ නැතිව පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා කටයුතු කළේය. අවසන් වශයෙන් කුඩා කාරණයක් කියමු. 1965 දී සීඅයිඩියට ගෙනෙන සැකකරුවන්ගේ ඇටතලා ඔවුන් ඝාතනය කළ බෙලිඅත්තේ පොලිස් මස්වැද්දා වූ රාහුල සිල්වා සිය අවසාන කාලය ගත කළේ වැඩතහනම් වී චැතම් වීදිය කිට්ටුව අරක්කු බාර් එකක් අසල හිඟාකෑමෙනි. අප මේ කියන්නේ ශානිට, තිසේරාට හෝ නිශාන්තට එවැන්නක් සිදු විය යුතු බව නොවේ. එසේම ඉදිරියේදී සීඅයිඩියේ ඉහළ තට්ටුවලින් බිමට පැන මැරෙන අයට හතර වැනි තට්ටුවෙන් බිමට පැනීමේ ශූරතාව සහ පස්වැනි තට්ටුවෙන් බිමට පැනීමේ ශූරතාව යනුවෙන් ශූරතා පළිහ දෙකක් හඳුන්වා දෙන ලෙස අපි දැඩි ආරක්‍ෂා සංවිධාන යටතේ පාරේ ගමන් කරන සරත් වීරසේකර පොලිස් ඇමැතිගෙන් ඉල්ලමු. එම ශූරතා දෙක ජාතික මට්ටමේ ශූරතා ලෙස පිළිගන්නා ලෙස ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂට අපි බල කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment