ළමයකුට හා කතකට අතවර කළ සැඟවී සිටි ‘කොණ්ඩ විජේ’ මාට්ටු

632

අවුරුදු දහතුනක් වයසැති පිරිමි ළමයකුට සහ අවුරුදු හතළිස්දෙකක් වයසැති කාන්තාවකට අතවර සිදුකළ සැකකරුවකු සැඟවී සිටියදී ඉකුත් 07 වෙනිදා ගෝනගංආර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 25 දා හෝ ඊට ආසන්න දිනයකදී මෙම අපරාධ සිදුව තිබෙන අතර ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි ‘කොණ්ඩ විජේ’ නමැති සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් සිට ගමට පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනගංආර පොලිස් ස්ථානාධිපති පො.ප. වසන්ත බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment