විඳෙව්වා ඇති, රටම විඳින්නට නම් සියලු ආගමික නායකයින්, සියලු ජාතීන් එකතු විය යුතුයි

142

පෙබරවාරි 4 දිළිඳු රටක අභිමානය සමරන්න යනවා
මේ සඳහා ගිජුලිහිණියෝ කොටසක් එකතු වෙලා
මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි

විඳෙව්වා ඇති, රටම විඳින්නට නම් අපේ මේ සියලු ආගමික නායකයෝ, සියලු ජාතීන් එකතු විය යුතුයි. අපි බෙදිලා ඉන්න තුරාවට මේ දේශපාලනඥයන්ට ලේසියි මේ රට කෑලි කෑලිවලට බෙදාගෙන ඕන විදිහට රට පාලනය කරන්න, අපේ ජනතාව විසින්ම ඒ අයට අවශ්‍ය පහසුකම් සලසලා නිර්මාණය කරලා දීලා තිබෙනවා මේ අයට. රටේ 75 වන අභිමානවත් දිළිඳු රටක අභිමානය සමරන්න යනවා පෙබරවාරි 4 වෙනිදා, මේ සඳහා ගිජු ලිහිණියෝ කොටසක් එකතු වෙලා තිබෙනවා, වැහිලිහිණියෝ නෙමෙයි. ගිජු ලිහිණියන්ගෙන් මේ රට මුදවා ගන්නට, බේරා ගන්නට සියලු ජාතීන්, සියලු ආගම් නියෝජනය කරන අපේ රටේ ජනතාව ලබන මස 7 වන පොහෝදා මිහින්තලා පුදබිමට පැමිණෙන ලෙස ආරාධනා කරන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් පැවසූහ.

පෙරේදා (26දා) මිහින්තලා රජමහා විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ. එහිදී උන්වහන්සේ මෙසේද කීහ.

සැපෙන් සිටින්නට පුළුවන් අඩිතාලමක් අපි සකස් කළ යුතුයි. ඒ මොකද බෞද්ධ, ඉස්ලාම් හින්දු කතෝලික කියන මේ සියලු ආගමික නායකයන් ජීවත් වෙන්නේ සාමාන්‍ය ජනතාවගේ මුදලින්, දානයෙන්, එම නිසා මේ වෙලාවේ සිල් රකින්න වත්, භාවනා කරන්න වත් කැලේට වඩින්න නෙමෙයි තිබෙන්නේ, බෞද්ධ, ඉස්ලාම්, හින්දු, කතෝලික කියන මේ සියලුම උතුමන් වහන්සේලා එකතු වෙන්න.

සමහරවිට මාව දන්නේ නැතුව ඇති නමුත් දෙසැම්බර් මාසේ 7 වෙනිදා ඔබලා මිහින්තලේට එන්න. අපි ඔක්කොම එකතු වෙමු, මේ රටේ මේ අය නඩත්තු කරන්න අපි වියදම් කරන මුදල් ප්‍රමාණය කොච්චරද කියලා කිව්වොත් එහෙම කලන්තේ දාලා වැටෙනවා. මේ මිනිස්සු නඩත්තු කරන්න වියදම සම්බන්ධව හැමදාම දිනපතා ප්‍රවෘත්ති දකිනවා, රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් පත්තරවලින්, යූ ටියුබ් නාළිකාවලින්, එක එක විගණන දෙපාර්තමේන්තු මගින් ගණනය කරල පෙන්වාදී තිබෙනවා. මේ අය, ත්‍රිලියන ගණනින්, බිලියන ගණනින් මේ අය මුදල් වංචා කර තිබෙනවා කියලා, හැබැයි ඒක පුවතක් විතරයි ඒවට වෙච්ච දෙයක් හෝ ඒවා කරපු මිනිස්සුන්ට දඬුවමකුත් නැහැ.

මූල්‍ය වංචා කරන අයට, තැබෑරුම්කාරයන්ට, කැසිනෝ කාරයන්ට, එතනොල් කාරයන්ට පාර්ලිමේන්තු වරම් ලැබෙනවා. ඉතින් මේ සිස්ටම් එක චේන්ජ් විය යුතුමයි. පළාත් සභාව වල්, ප්‍රාදේශීය සභා වල්, ආණ්ඩුකාරවරු කාර්ය මණ්ඩල, උපදේශකවරු, ඒ වගේම සංස්ථා ආයතන දෙපාර්තමේන්තුවල ඉන්න සභාපතිවරු, උපදේශකවරු මේ අය පිනට පඩි ගන්නෙ අපි තමා බදු ගෙවන්නේ, ඒ වගේම පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කරන්නෙත් බදු ගෙවන්නේ අපි එක මාසෙකට විතරක් යනවා කෝටි 30ක එහා මුදලක් එයාලා නඩත්තු වෙන්නේ අපෙන්,

රට වැසියනි නැඟිටපල්ලා අවදි වෙයල්ලා මේ දෙයින්

අත මිදෙන්නට එක්කාසු වෙයල්ලා, නැත්නම් මේ අයට රජ මඟුල්, මේ රට කරවන ඇත්තන්ට, සමහර වෙලාවට දැන් එක එක දේශපාලන කණ්ඩායම්, වෘත්තිය සමිති, සරසවි සිසු දරුවෝ අරගල කරනවා. අරගලය කරා කියලා දෙන්නෙක් මේ වෙන කොට අත්අඩංගුවට අරගෙන තිබෙනවා භික්ෂුවක් සහ සරසවි සිසුවෙක්. මේවාටත් අනපනත් ගේන්න ඕනේ, අපි හත් වෙනිදාට ඒක කියන්නම්. හැබැයි ඒ අරගලය කරා කියලා මල්වත්තේ මහානායක හාමුදුරුවොන්ටවත්, අස්ගිරිය නායක හාමුදුරුවන්ට වත් දෝෂාරෝපණය කිරීම යාචක භික්ෂුවකගේ ප්‍රකාශයක්, එම නිසා දේශපාලන කණ්ඩායම් විසින් හිටපු ජනාධිපතිවරයා පලවා හරින්න කටයුතු කරා නම්, මේ දෙන්නා විතරක් නෙමෙයි හිරේ දාන්න ඕනේ. මේකට නායකත්වය දුන්න ඒ සියලුම දේශපාලන නායකයන් අත්අඩංගුවට අරගෙන දේශපාලන පක්ෂ තහනම් කරන්න කටයුතු කරනවා නම් පුළුවන් වෙයි මේ රට ඉස්සරහට ගෙනියන්න. ඒ නිසා හිට්ලර්ලා බෝ වෙන්න පුළුවන්. තවත් බොහෝ අය බෝ වෙන්න පුළුවන්. හැබැයි මේ රටට දැන් හිට්ලර්ලා නෙමෙයි ඕනේ. මේ රටේ ජනතාව ලක්ෂ 220 ඉන්නේ, මේ අයට ජීවත් වෙන්න තමයි අපි දැන් සටන් කරන්නේ,

ඒ ලක්ෂ 220 වෙනුවෙන් තමයි අපි දෙසැම්බර් මාසයේ හත්වෙනිදා හරියටම නමයට විතර අපි වැඩ පටන් ගන්නවා ආරම්භ කරනවා. සියලුම ජාතීන් නියෝජනය කරන සිංහල දෙමළ මුස්ලිම් කියන සියලුම ජනතාවට මම ආරාධනා කරනවා, ඔබල පැමිණිලා අපි එක්කාසු වෙලා එක නීතියක්, එක රටක්, එක කොඩියක් යටතේ අපි ගමන් කරමු ලබන වසරේ ඉඳලා, අපි අවිහිංසාවාදී ක්‍රියාවක් කරන්නේ, අපිට අවි ආයුධ නැහැ. අපි ඇත්ත හෙළි කරමු. ඒ නිසා මම රජයේ සියලු මාධ්‍යයටත් ආරාධනා කරනවා, දෙමල, මුස්ලිම් මාධ්‍ය අනිකුත් පිටරට විදෙස් නාලිකා ඔබටත් ආරාධනා කරනවා මේ පුවත ඉංග්‍රීසියෙන් දෙමළෙන් ප්‍රචාරය කරන්න කියලා ඉල්ලනවා, ලෝකයේ කිසිදු රටක නඩත්තු නොකරන ජාතියක් තමයි අපේ මේ දේශපාලනඥයෝ.
මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment