වව්නියාවේ නිවසක උපන් දින සාදයට මැර ප්‍රහාරයක්

506

ගෙටත් ගිනි තියලා තරුණියක් මරුට : 10ක් රෝහලේ

වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ උපන් දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ප්‍රහාරයක් එල්ල කළ මැර පිරිසක් එම නිවසට ගිනි තැබීම නිසා එක් තරුණියක මියගොස් 10 දෙනකු තුවාල ලබා ඊයේ (23දා) අලුයම වවුනියාව මහ රෝහලට ඇතූළත් කොට තිබේ.

වව්නියාවේ නිවසක උපන් දින සාදයට මැර ප්‍රහාරයක්

තුවාල සිදුව ඇත්තේ සියුම් ආයුධවලින් කැපීමෙන් හා පිළිස්සීම නිසාය. මෙහිදී මියගොස් ඇත්තේ වවුනියාව ඕමන්තේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණියකි. ඊයේ අලුයම තෙක් මෙම නිවසේ උපන් දින සාදයක් පැවති අතර එම අවස්ථාවේ නිවසේ පිටුපසින් ඇතුළු වූ පිරිසක් මුලින්ම තරුණියට පිහියකින් ඇන තිබේ. එම පිහියා ඇනුමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ තරුණිය පිළිස්සීමටද ලක්ව තිබේ. පසුව නිවස තුළට පැමිණි මැර පිරිස නිවසේ සිටි සියලුම දෙනාට පහර දී නිවසට ගිනි තබා ඇත.

වව්නියාවේ නිවසක උපන් දින සාදයට මැර ප්‍රහාරයක්

ගින්නෙන් නිවස දැවී යන අවස්ථාවේ අවට ජනතාව පැමිණ ගිනි නිවන ඒකකවලට හා පොලිසියට සිද්ධිය දැනුම් දී ගින්නට සිරවී සිටි පිරිස රෝහල් ගතකොට ඇත. ගින්නට හසුවීම නිසා නිවසේ භාණ්ඩ රැසක් දැවී අළු බවට පත්ව තිබේ. පොලිසිය විශ්වාස කරන්නේ පෞද්ගලික ආරවුලක් මත මෙම පහර දීම හා ගිනි තැබීම සිදු කරන්නට ඇති බවයි.

මුහුණු ආවරණය කරගත් පිරිසක් පැමිණ නිවසට ගිනිතබා ඇති බවට සී.සී.ටීවී දර්ශන මඟින් අනාවරණය කරගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment