කඩින් කඩ වැසි සමග ඩෙංගුත් ගජරාමෙට නගී

71

මෙම දිනවල පවතින කඩින් කඩ වර්ෂාව හේතුවෙන් දිවයිනෙන් වාර්තා වන ඩෙංගු  රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට දිනපතා ඩෙංගු රෝගීන් විසි දෙනකු පමණ ඇතුළත් කෙරෙන අතර මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල කුඩා ළමුන් මෙන්ම වැඩිහිටියන්ද ඩෙංගු රෝගයට ගොදුරු වෙමින් සිටින බව එම වෛද්‍යවරු අවධාරණය කරති.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීම වැඩි වී ඇති අතර මෙම තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ඩෙංගු රෝගයේ පැතිරීම පාලනය කිරීම සඳහා නිවැසියන් මෙන්ම ආයතන තම පරිශ්‍රයන් තුළ හා අවට පවතින ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට කඩිනම් පියවර ගත යුතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඉකුත් මැයි මාසයේදී දිවයිනෙන් ඩෙංගු රෝගීන් දෙදහස් තුන්සිය අනූ නවදෙනකු වාර්තා වී තිබූ අතර මෙම වසර තුළදී මෙතෙක් දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දහඅටදහස් දෙසිය අනූඅටක් බව වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment