මිල සූත්‍රයක් ගෙනාවත් තෙල් මිල සංශෝධනයක් යළි නෑ!

212

අමාත්‍යාංශයෙන් තීරණයක්

ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල උච්චාවචනයට අනුව මෙරට මිල ගණන් තීරණය කිරීමට අදාළව මිල සූත්‍රයක් හඳුන්වා දී තිබුණත් යළිත් ඉන්ධන මිල සංශෝධනය නොකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබේ.

මේ වන විට ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පහළ යමින් තිබේ. ඒ අනුව ඊයේ (16 දා) උඔෂ වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.42 ක් ලෙසත් බ්‍රෙන්ට් වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 93.91 ක් දක්වාත් පහළ බැස තිබිණි.

මිල සූත්‍රයට අනුව ඉකුත් 01 වැනිදා ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් පහළ දැමූ අතර වෙනත් කිසිදු ඉන්ධන වර්ගයක මිල වෙනස් වුණේ නැත. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මීට පෙර ප්‍රකාශ කළේ සෑම මසකම 01 වැනිදා සහ 15 වැනිදා මිල සූත්‍රයට අනුව මෙරට ඉන්ධන මිල සංශෝධනයක් සිදු කරන බවයි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment