ෆොන්ටෙරා මෙරට කිරි ව්‍යවසායකයින් බල ගැන්වීම වෙනුවෙන් කැප වෙයි

89

ශ්‍රී ලංකාවේ කිරි ගොවි ප්‍රජාව බල ගැන්වීම වෙනුවෙන් කැප වන ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා ආයතනය කිරි ව්‍යවසායකයින් බලගැන්වීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. වර්තමානයේ ෆොන්ටෙරා සමාගම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන කලාප කේන්ද්‍ර කර ගනිමින්, මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

සත්ව සුභසාධනය, කිරි නිෂ්පාදනය සහ ගොවිපළ ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීම ඇතුළුව ප්‍රධාන අරමුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, පශු වෛද්‍ය සේවාවන් වැඩි දියුණු කිරීමේ සහ ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින්, ඒ සඳහා විසඳුම් ලබා දීම ඊට එක් උදාහරණයකි.

තවද, ව්‍යවසායකයින් දිරිගැන්වීම මෙන් ම ව්‍යවසායකයින් මුහුණ දෙන දෛනික අභියෝග හඳුනා ගනිමින්, ඒවාට විසඳුම් ලබා දීම සඳහා මෙම වැඩසටහන හරහා ෆොන්ටෙරා සමාගම සහයෝගය ලබා දෙන අතර, මේ සඳහා ප්‍රජා දායකත්වය හා සහයෝගය ඇගයීම වෙනුවෙන් වාර්ෂික ඇගයීම් උත්සවයක් සංවිධානය කිරීමට ද ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම කටයුතු කරයි.

එමෙන් ම ගොවිපළවල සතුන්ගේ ජල අවශ්‍යතාව පිළිබඳ අවබෝධ කරගත් ෆොන්ටෙරා සමාගම ජලය ආශ්‍රිත යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කර ඇති අතර, එමගින් ගොවිපළ 178ක් සඳහා පැය 24 පුරා ජලය සැපයීමට බඳුන් බෙදා හැරීම විශේෂිතය. ෆොන්ටෙරා සමාගම ඉදිරියේ දී ද මෙම ජල සැපයුම් පහසුකම් පුළුල් කිරීමට ද අරමුණු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment