ශානි අධිකරණයට නොඑයි

359

හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩුවට බොරු සාක්ෂි නිර්මාණය කළේ යැයි කියන සිද්ධිය ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් තිදෙනාට විරුද්ධව ඇති නඩුව ලබන වර්ෂයේ පෙබරවාරි මස 02 වෙනිදා නැවත කැඳවීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (15දා) නියම කළේය.

රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විවෘත අධිකරණය හමුවේ නඩු නොකැඳවන හෙයින් ඇප මත සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ සහ හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර , ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ හිටපු උප පොලිස් පරීක්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයෙකු වන එච්.ඩී. නවරත්න ප්‍රේමතිලක යන සැකකරුවන් තිදෙනා අද අධිකරණය හමුවේ පෙනී නොසිටියහ.

අද දිනට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු ලබන වසරේ පෙබරවාරි මස 02 වෙනිදා ට කැඳවීමට නියම කර තිබූ අතර අද කැඳවීමට නියමිතව තිබු මෙම නඩුව ද එදිනට කැඳවීමට නියම කර තිබුණි කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී සිටි හෙයින් අද දහවල් විවෘත අධිකරණය හමුවේ නඩුව කැඳවූ වුණි.

advertistmentadvertistment
advertistmentadvertistment