හැටන් පාර වසයි රථවාහන නවතී – නුවරඑලියේ භූමිතෙල් පෝලිම

103

නුවරඑලිය නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලකින් භූමිතෙල් මිලදී ගැනීමට පැමිණි නිසා ඉන්ධන පිරවුම්හල අසල නුවරඑලිය හැටන් ප‍්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට ඊයේ(28* දින බාධා එල්ල විය. 27 දින පස්වරුවේ සිටම ඉන්ධන පිරුවුම්හල අසල විශාල පිරිසක් පෝලිම්වල රැදී සිටියද එම ඉන්ධන පිරවුම්හලට භුමිතෙල් තොග නොලැබීම හේතුවෙන් පෝලිම්වල රැුඳී සිටි පිරිස ප‍්‍රධාන මාර්ගයට පිවිස නොසන්සුන්කාරි ලෙස හැසිරීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනය විනාඩි 30ක් පමණ ඇණහිට තිබිණි.

නුවරඑලියේ ඉන්ධන පෝලිම්වලට අමතරව ඞීසල් ඉන්ධන ලබාගැනීමටද රථ වාහන විශාලප‍්‍රමාණයක් මාර්ගයේ එක්පසක ගාල් කර තිබූ අයුරු දක්නට ලැබිණි.

ඡායාරූප හා සටහන නුවරඑලිය නාලක රත්නායක
 

advertistmentadvertistment
advertistmentadvertistment