හොර හැත්ත එක්ක ඩීල් නෑ-විපක්ෂ නායක

150

රට කාපු හොර හැත්තත් එක්ක වාඩිවෙන කිසිම පුද්ගලයකුට සමගි ජන බලවේගයේ සැළුන්දොර විවෘත නෑ. ඒ වගේම තමයි මේ හොර හැත්තත් එක්ක සමගි ජන බලවේගයට, සජිත් පේ‍්‍රමදාසට ඞීල් නෑ යැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

ආණ්ඩුවට එරෙහි ”‍නිදහසේ අරගලය සමගි බල පා ගමන”‍ මාවනැල්ලේන් ඊයේ (27) දෙවැනි දිනය ආරම්භ කරමින් විපක්ෂ නායක මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

ඓතිහාසික කන්ද උඩරට පුරවරයෙන් ආරම්භ කළ මේ රටට නිදහස ලබා දෙන සේ ඓතිහාසික පොදුජන ගමන අද මාවනැල්ල පුරවරයෙන් ගලිගමුව දක්වා යන ගමනේදී දස දහස් ගමනින් එක්රොක් වූ ඔබ සියලූ‍ දෙනාට අපේ ස්තූතිය හා ප‍්‍රණාමය පුද කරන්න කැමැති. මේ අවස්ථාවේ සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය දරන මතය යන ගමන මදක් පැහැදිලි කරන්නට ඕනේ.

69 ලක්ෂයක් 68 ලක්ෂයක් ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවේ 145කට වැඩි බලයක් සහ 2/3ක බලයක් ලබා දීලා ඒ නිර්මාණය කරපු ඒ ආණ්ඩුව රට වට්ටලා තිබෙන මොහොතක ඒ හොර හැත්තත් එකක් අපේ කිසිම ඞීල් එකක් නෑ කියලා මේ අවස්ථාවේ කියන්න කැමැති. හිතාදර මිත‍්‍රවරුනි, අද කපුටගෙ දිනය. අද ජාත්‍යන්තර කපුටු දිනය මේ ජාත්‍යන්තර කපුටු දිනයේ මතක තබාගන්න ඒ හොර කපුටගෙන් පෝෂණය වුණු, පංගුව ගත්තු බැසිල් රාජපක්ෂයේ සෙරෙප්පු සුප් බීපු කණ්ඩායම් අපිට කියනවා අපි හොර හැත්තත් එක්ක ඞීල් දානවලූ‍. රට කාපු හොර හැත්තත් එක්ක සමගි ජන බලවේගයට, සමගි ජන සන්ධානයට, සජිත් පේ‍්‍රමදාසට ඞීල් නැත.

කොහොමද අපි ආණ්ඩුව එක්ක ඞීල් දාන්නේ. මේ රටේ තරුණ පරපුර කිසිම දේශපාලන නායකත්වයක් නැතිව ලක්ෂ ගණනින් ජීවිත පරිත්‍යාගයෙන් අර ගාලූ‍මුවදොර ඒ සටන කරනකොට මේ හොර හැත්තත් එක්ක අපි ඞීල් දානවද? මොන විහිළුවක්ද? මිත‍්‍රවරුනි, මේගොල්ලො මේ කියන්නෙ ආණ්ඩුව ඇතුලෙ තියෙන අර්බුදය. කොටසක් ජනාධිපතිට යන්න කියනවා. අනිත් අය කියනවා අගමැතිතුමෝ ඉන්න. තව කොටසක් කියනවා ජනාධිපති ඉන්න. අගමැති යන්න කියලා. මේ හොර හැත්ත තුළ තියෙන මේ හොර වංචනික ඇන්දවීමට ඒ හොරකමට අපි දායක නොවෙනකොට හදනවා අපිටත් ඞීල් තියෙනවලූ‍. අපිට ඞීල් තියෙන්නේ මහපොළොවට පය ගහලා ජීවත් වෙන ලක්ෂ 220ක් වූ පොදු ජනතාවත් එක්කයි. මේ හොර හැත්තත් එකක් ඞීල් නැහැ.

මම පටන්ගන්කොටම කිව්වා මේ ගොල්ලො හැරෙනකොටම මම දන්නවා මොනවටද හැරෙන්නෙ කියලා. හැරෙන්නෙ අපේ කරපිටින් ගොඩවෙලා මේ රට විනාශ කරපු ගොවියා, ධීවරයා , කම්කරුවා, මධ්‍යමපාන්තිකයා , රාජ්‍ය සේවකයා, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ, යොවුන් පරපුර, කාන්තා පරපුර, දරු පරපුර සමස්ථ දේශයම විනාශ කරපු හොර හැත්ත දැන් හදනවා ආපහු අන්දවන්න. ඒ අය හිතනවා අර ජනාධිපතිවරණයේ ඇන්දවිල්ල අදත් හරියයි කියලා. ඔයාලට මතකද. සෞභාග්‍ය සම්පන්න යුගයක් ඇති වෙනවා කැලණි ගග දෙබෑ කරගෙන මහා නාග රාජයෙක් බිහිවෙලා ඒ මහා නාග රාජයා ඓතිහාසික විප්ලවීය සෞභාග්‍යයක් ලංකාවට ගෙනාවයි කියපු ඒ බොරුව, ඒ ඇන්දිල්ල ඔබලට මතකද? ඒ විතරක් නොවෙයි. පුණ පුනාම එන්නත ගැන අපි කියනකොට අපි ගේන්න කියනකොට මෙයාලා මොනවද කරේ පෝලිමට ඇමැතිවරු ගිහිල්ලා තමන්ගේ ආරක්ෂක අයට කීවා මේක හරියන වැඩක්, කවුරුහරි වීඩියෝ කරන්න වීඩියෝ කරලා සමාජ මාධ්‍ය ජාලාවලට දාන්න කියලා.
මොකක්ද මුට්ටි ගඟට දාන එක. ඇන්දවීම.

ඊළඟට මොකද කීවේ. එන්නතට වැඩිය හොඳ එකක් තියෙනවා. ඒක තමයි පැණිය. නිකම් පැණිය නොවෙයි පැණි අමෘතය‍. ඒක ගැහැව්වම මැරෙන්නෙ නෑ, රෝග වැළදෙන්නේ නෑ. හොද එකෙන් ඉන්නවා. හැබැයි මේ බොරුව කළේ ක‍්‍රම ක‍්‍රමයෙන් එන්නතේ ඩොලර් මිල වැඩිවෙනකම්. ඩොලර් මිල වැඩිවෙනකම් ඉදලා මොකද කළේ ඩොලර්වවලින් ගසා කෑවා. හොරා කෑවා. හොඳට මතක තියාගන්න මේ හොර හැත්තත් එක්ක සමගි ජන බලවේගයේ කිසිම සම්බන්ධයක් නෑ. හැබැයි අපි සූදානම් වගකීම බාරගන්න. හැබැයි වගකීම බාරගන්නේ ජනමතයත් එකක්. ජනමතය එදා අපිට දුන්නා 23.9%ක්. ලක්ෂ 27කට වැඩි ඡුන්ද ප‍්‍රමාණයක්. පාර්ලිමේන්තුවේ 54ක්. 54න් වරදාන වරප‍්‍රසාදවලට පුංචි කොටසක් පැන්නා. පැන්න කොටසින් ආපහු ස්වාධීන වෙලා තියෙනවා. 23.9%න් රටේ වගකීම බාරගන්න මම සූදානම් නෑ. මේ බහුතරය අපිට කියන්න ඕනේ ඔබට අපි විශ්වාසයි, ඔබට අපි විශ්වාසයි. අපි දෙනවා බහුතර බලයක්. ඒ බහුතර බලයත් එක්ක මේ රටේ වගකීම කෙතරම් අමාරු තත්ත්වයක රට තිබ්බත් අපි මේ රට ගොඩනඟන්න ලෑස්තියි කියනඑක මේ වෙලාවේ අපි කියන්න ඕනේ.

මේක හොඳට අවබෝධ කරගන්න. අසන්න ඕන අය මේක හොඳට අහයි.තොප්පිය දාගන්න ඕන අය තොප්පිය දාගයි. අද ජනතාව නිර්මාණය කරපු සැළුම්දොරක් තියෙනවා. ජනතා නිර්මාණය කරපු සැළුම්දොරේ අර ගාලූ‍මුවදොර සහ ගෝඨා යන්න ගම් රට වටේ බිහිවුණු ජනමතයක් තියෙනවා. ඒ අය කියනවා ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්න. මහින්ද රාජපක්ෂ ගෙදර යන්න. මේ ආණ්ඩුව ගෙදර යන්න. හොරු ටික අල්ලන්න. හොරා කාපු සල්ලිටික නැවත මේ රටට ගේන්න. මේක ජනතාව නිර්මාණය කරපු සැළුම්දොරක්. දැන් මේ 225ට පුළුවන් සැළුම්දොරින් ගිහිල්ලා කොයි පැත්තෙද හිටගන්නෙ කියන එක තීරණය කරන්න. මමත් කියනවා ඕන කෙනෙක්ට නිදහස තියෙනවා සැළුම්දොරේ ගිහිල්ලා එක්කො ගාලූ‍මුවදොරේ වීරෝධාර ඒ ජනතාව එක්ක හිටගන්නවද එහෙම නැත්නම් මේ රට කාපු හොර හැත්තත් එක්ක හිටගන්නවද කියන එක තමුන්නාන්සේලා ගන්න ඕනේ. මන්ත‍්‍රිවරු ගන්න ඕන. අද ඒ සැළුම්දොර විවෘත වෙලා තියෙන්නේ. හැබැයි එක්ක මම කියන්න කැමති. මේ හොර හැත්තත් එක්ක වාඩිවෙන කිසිම පුද්ගලයකුට සමගි ජන බලවේගයේ සැළුන්දොර විවෘත නැතැයි කියන එක. ඒ නිසා අර බැසිල් රාජපක්ෂයේ සෙරෙප්පු සුප් බීපු පුද්ගලයෝ කණ්ඩායමට මම හිතනවා අද මම උත්තරය දුන්නා. ඇති නේද දුන්නා උත්තරය. අපේ මහ ලේකම්තුමත් ඇති කියනවා. ඒ කියන්නෙ දැන් ඇති. නැත්නම් තව දෙන්න පුළුවන්

ඔබ අප සියලූ‍ දෙනාම මහ පාරට බැහැලා අර දුක් විදින ගාලූ‍මුවදොර ඒ පරම්පරාව වෙනුවෙන් ඒ තරුණ ජවය වෙනුවෙන් අපි ඒගොල්ලන්ගේ ක‍්‍රියාදාමය දේශපාලනීකරණය කරන්නෙ නැතුව ඒ අයට දිය යුතු හොඳම ශක්තිය ලබා දීලා රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ පිළිරුව ඉදිරිපිට මම පොරොන්දු වෙනවා මේ රටේ ජනතාවගේ අභිලාෂය ඉෂ්ඨ කරන්නට. මම හරි ගමන යනවා. ඒක කරන්න බැරි නම් මගේ දයාබර තාත්තේ මෙම ගෙදර යනවා. ඒකට මම ලෑස්ති. මම ලෑස්ති නෑ ඞීල් දේශපාලනයට, හොර ගනුදෙනු දේශපාලනයට කොටින්ම කියනවනම් සමගි ජන බලවේගයත්, සමගි ජන සන්ධානයත් සජිත් පේ‍්‍රමදාසත්, මේ හොර හැත්ත එක්ක කටයුතු කරන්න සූදානම් නැතැයි කියලා මම ප‍්‍රකාශ කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment