පාපැදි ගන්නත් පෝලිම්…

90

රටේ පවතින දැඩි ඉන්ධන අර්බුදයත් සමග ජාඇල ප්‍රදේශයේ පාපැදිවලට දැඩි ඉල්ලුමක් ඇතිවී තිබේ. සාමාන්‍ය ජනතාව මෙන්ම උස් පහත් බේදයකින් තොරව බොහෝ වෘත්තිකයන්ද තම රාජකාරි සහ අනෙකුත් අවශ්‍යතාවන් සඳහා යන ගමන් පහසුකම් සඳහා මේ වනවිට පාපැදි තෝරා ගෙන ඇත.

මේ වන විට වෛද්‍යවරුන්, බැංකු නිලධාරින්, ගුරුවරුන් ඇතුලු රජයේ සේවකයින් වැඩි දෙනෙක් තම රාජකාරි කටයුතු සඳහා පාපැදිය යොදාගෙන ඇත. දිනෙන් දින ඒ තත්ත්වයේ වැඩිවීමේ ප්‍රවනතාවක් දක්නට ඇති බව ජාඇල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඩී.එස්. බාලසුරිය මහතා පැවසීය.

මේ දිනවල ජාඇල පාපැදි වෙළෙඳසල්වලට පැපැදි මිලදී ගැනීමට පැමිණෙන පිරිස වැඩි වෙමින් පවතින බව වෙළෙඳුන් පවසති. සමහර පාපැදි වෙළෙඳසල් තුළ පාපැදි මිලී ගැනීමට පැමිණෙ පිරිස් පෝලිම් ගැසී සිටිනු අයුරු දක්නට ඇත.

බී.ටී.කේ.-ජාඇල අතිරේක
 

advertistmentadvertistment
advertistmentadvertistment