අල්ලපු වී – සීනිවලට ගෙවන්නේ රජයේ සහතික මිල විතරයි

136

ලියාපදිංචි නොකර නීති විරෝධීව පවත්වා ගෙන ගිය ගබඩාවන්හි තිබී රජය භාරයට ගත් වී, සහල් සහ සීනි සඳහා එකී ව්‍යාපාරිකයින්ට රජයේ සහතික මිල හෝ රේගුවට ඉදිරිපත් කළ ආනයනික මිල ගණන් පදනම් කර ගනිමින් ගෙවීම් සිදු කෙරෙනු ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් පසු අදාළ සමාගම්වලට එම මුදල් ගෙවීම් සිදුකෙරෙන බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සඟවා අධික මිල ගණන් අය කිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්කරන වෙළෙඳපොළ අක‍්‍රමිකතා වැළැක්වීම සඳහා රජයේ සහතික මිලට හෝ රේගුවේ දී ඉදිරිපත් කළ ආනයන කළ මිල පදනම් කරගෙන එම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගෙන ජනතාවට සාධාරණ මිලට ලබාදීම සඳහා නීති පනවමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයකු ජනාධිපතිවරයා විසින් පසුගියදා පත් කරන ලදී.

එම පත් කිරීමෙන් පසු ලියාපදිංචි නොකර සඟවා තිබී පාරිභෝගික අධිකාරිය විසින් මුද්‍රා තබා තිබූ ගබඩා කිහිපයක රැුස්කර තිබූ සීනි මෙටි‍්‍රක් ටොන් 29,900ක තොගයක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා විසින් රජයට පවරා ගෙන සතොස, සමුපකාරවලට මුදා හැර ජනතාවට සාධාරණ මිලට ලබාදීමට පියවර ගැනුණි.

මේ අතර දිස්ත‍්‍රික්ක කිහිපයක නීති විරෝධීව රැුස්කර තිබී පාරිභෝගික අධිකාරිය විසින් මුද්‍රා තබන ලද වී තොග ද මේ අයුරින් සහතික මිලට රජයට පවරා ගැනීම ද මේ දිනවල සිදුවෙමින් පවතින බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment