ලංගමයෙන් වෙසක් බස්

69

දිවයිනේ සියලු වෙසක් කලාප ආශ්‍රිත ප්‍රදේශ සහ විශේෂ පූජනීය ස්ථාන ආවරණය වන පරිදි විශේෂ බස් රථ සේවාවක් ඊයේ (05දා) සිට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද සිල්වා මහතා ‘දිවයින’ට පැවසීය.

වෙසක් සතියේදී පෙරවරු 6.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා මෙම ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක බව ද හෙතෙම කීය.

එසේම වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය කීපයක් ද ධාවනයට එක්කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්. ජේ. ඉඳිපොලගේ මහතා පැවසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment