ආර්ථික අර්බුදයෙන් නිවාස 91%ක වියදම වැඩි වෙලා – රාජ්‍ය ඇමැති ෂෙහාන් කියයි

52

තවත් සියයට 22ක් ණය වෙලා

රටේ ඇතිවූ ආර්ථික අර්බුදයේ බලපෑම හේතුවෙන් ගෘහ ඒකක සියයට 91ක වියදම වැඩි වී ඇති අතර ණය වීමට සිදු වූ ගෘහ ඒකක සංඛ්‍යාව සියයට 22යි ක් බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 27/2 යටතේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි. රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මෙරට මුළු ගෘහ ඒකක ගණන ලක්ෂ 62යි. රටේ ඇති වූ ආර්ථික අර්බුදයේ බලපෑම් නිසා මේ ගෘහ ඒකක ප්‍රමාණයෙන් සියයට 60.5ක ආදායම අඩු වෙලා. ඒ වගේම ගෘහ ඒකක සියයට 91ක වියදම වැඩි වෙලා. ආර්ථික අර්බුදයේ බලපෑම නිසා ණය වීමට සිදු වූ ගෘහ ඒකක සංඛ්‍යාව සියයට 22යි. ඉන් සියයට 24.3ක් නාගරික. සියයට 20.9ක් ග්‍රාමීය. සියයට 42.8ක් වතුකරය.

රැකියා අවස්ථා අහිමිවීම සම්බන්ධයෙන් ගත් කල ප්‍රධාන රැකියාව පමණක් අහිමි වීම් සියයට 14.2ක් වාර්තා වෙනවා. ද්විතීයික රැකියා පමණක් අහිමිවීම සියයට 0.5යි.

ප්‍රධාන රැකියාව සහ ද්විතීයික රැකියා දෙකම අහිමි වීම සියයට 0.4යි. රැකියා අහිමි නොවූ ප්‍රමාණය සියයට 84.8යි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment