ප්‍රහාරක ගුවන් යානා ගොඩබාන්න ඉන්දීය නාවික හමුදාවට දේශීය නිෂ්පාදිත නැවක්

327

ඉන්දියාව විසින් පළමුවරට සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරන ලද ඉන්දීය හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහනය කිරීම සදහා භාවිතා කරන නාවික යාත්‍රාවක් ඉන්දීය 75වැනි නිදහස් දිනයට සමගාමීව ඉන්දීය නාවික හමුදාව වෙත අධිකාරී කරනු ලැබීය.වික්‍රාන්ත් නැමැති මෙම නාවික යාත්‍රාවට ගල්ෆ් මුහුදු තීරයේ දී ඉන්දියාව විසින් නිෂ්පාදනය කරන ලද මිග් යානයක් පළමු වරට ගොඩ බස්වමින් මෙලෙස අධිකාරී ධුරයට පත් කළ බව ඉන්දීය නාවික හමුදාපති වයිරස් අද්මිරාල් එස්.එන් ගෝමේද් මහතා විදෙස් මාධ්‍ය වෙත පැවසීය.ඉන්දීය රුපියල් කෝටි 20,000ක් පමණ වැයකර මෙම නාවික යාත්‍රාව නිපදවා ඇත.ඉන්දීය නවීන තාක්ෂණය සහ නවීන විද්‍යාත්මක දක්ෂතා මින් විදහාපාන බවද නාවික හමුදාපතිවරයා සදහන් කරයි.ඉන්දීය නිෂ්පාදන වර්ධනය කිරීම යටතේ මෙම නාවික යාත්‍රාව නිපදවා ඇති බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment