සමහර කොමිෂන් සුදුඅලි – ඇමැති විජයදාස

95

පත්කර ඇති ඇතැම් කොමිෂන් සභා සුදුඅලි බවට පත්ව ඇතැයි ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා කියයි.

දැනට පවතින අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව ස්ථාපිත කර පළමු වසර පහ තුළ එක් නඩුවක් පමණක් පවරා ඇති බව හෙළි වී ඇතැයි ද අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

මෙවැනි තත්ත්වයන් නිසා ඇතැම් කොමිෂන් සභාවල දුර්වලතාවන් හෙළි වී ඇති බැවින් නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත හරහා නීතිමය බලගැන්වීම් දැඩි කිරීමටත්, ඊට ඕනෑම අවස්ථාවක නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට හැකියාව ලබාදීමටත් ඉඩ ලැබෙනු ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

මේ අතර පත්කිරීමට නියමිත සත්‍ය සෙවීමේ කොමිෂන් සභාව මගින් 1983 සිට රටේ සිදු වූ සිදුවීම් සම්බන්ධව සොයා බැලීමට ද කටයුතු කෙරෙනු ඇති බවත් ඊට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල සංදේශය තමා සහ විදේශ කටයුතු ඇමැති අලි සබ්්‍ර මහතා එක්ව ඉදිරිපත් කළ බවත් ඇමැතිවරයා පවසයි.

සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපායේ සභාපති කරු ජයසූරිය මහතාගේ ද සහභාගීත්වයෙන් කොළඹ පැවැති නව දූෂණ විරෝධී පනත පිළිබඳ දැනුවත් කිරීමක දී මෙම කරුණු හෙතෙම අනාවරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment