සංචාරකයෝ 2,74,211 ක් මේ වසරේ ලංකාවට ඇවිත්

106

මේ වසරේ මාස තුනක් ගෙවීයෑමටත් පෙර සංචාරකයන් 2,74,211 ක් පැමිණි බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

පසුගිය වසරේ මාස 12 ටම සංචාරකයන් 1,94,495 ක් පැමිණ ඇත. මේ වසරේ ජනවාරි මාසයේ සංචාරකයන් 82,327 ක්, පෙබරවාරි 96,507 ක්, මාර්තු මාසයේ 27 වැනිදා වන විට 95,377 ක් පැමිණ ඇත.

ඉන්දීය ජාතිකයන් 20,965 ක්, ඕස්ටේ‍්‍රලියානු 10,553 ක්, ජර්මනියෙන් 8,590 ක්, රුසියන් 8537 ක්, ප‍්‍රංශ 5040 ක්, පෝලන්ත 3068 ක්, ඇමරිකන් 2796 ක්, කැනඩා 2615 ක්, කසකස්තාන් 2528 ක්, ඉරාන, 2068 ක් වෙනත් රටවලින් 2864 ක් ලෙස මේ මාසයේ දින 27 ට මෙරටට පැමිණ ඇත.

මේ වසර තුළ සංචාරකයන් ලක්‍ෂ 13 ක් ගෙන්වා ගැනීමට සංචාරක අමාත්‍යාංශය සැලසුම් කර ඇතැයි සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment