සාම්පූර් වැඩ නැතත් කෝටියක් ගිලලා

155

සීමාසහිත ත්‍රිකුණාමල විදුලිබල සමාගම විසින් සාම්පුර්හි සූර්ය බලාගාරයේ මෙහෙයුම් කටයුතු කිසිවක් සිදුකර නොතිබුණ ද පරිපාලන වියදම් සඳහ රුපියල් එක්කෝටි එකොළොස් ලක්‍ෂ අසූහත්දහස් හාරසිය පනස් පහක මුදලක් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

සාම්පුර් හි මෙගාවොට් 50ක සූර්ය බලාගාරයක් පිහිටුවීම සඳහා සමාගමට 2018 වර්ෂයේදී කැබිනට් අනුමැතිය ලැබී තිබුණි. එහෙත් එකී බලාගාරයේ මෙහෙයුම් කටයුතු 2022 මාර්තු මස 31 වැනිදා වනවිටත් ආරම්භ කර නොතිබුණි. මේ දිනට සමාගමේ අලාභය රුපියල් හැටඑක්කෝටි පනස්දෙලක්‍ෂ පන්දහස් අටසිය තිහක් බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

සීමාසහිත ත්‍රිකුණාමල විදුලිබල සමාගම සම්බන්ධත්‍යන් 2021/2022යන්ට අදාළව මෙකී විගණන වාර්තාව නිකුත්කර තිබිණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment