රට ගොඩදාගන්න නම් ජාත්‍යන්තර සහය ඕනෑ.. ඒක පුළුවන් රනිල්ට විතරයි – වජිර අබේවර්ධන

144

වත්මන් ආණ්ඩුවේ දුර්වල පාලනය නිසා මේ වනවිට රට අර්බුද ගණනාවකට තල්ලූ වී ජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටින බවත් මේ තත්ත්වයෙන් රට ගොඩගෙන ජනතාව ආරක්‍ෂාකර ගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගය

ලබාගැනීම අවශ්‍ය කර තිබෙන බවත් එය කළ හැකි රාජ්‍ය තාන්ති‍්‍රක සම්බන්ධතා තිබෙන එකම නායකයා රනිල් වික‍්‍රමසිංහ මහතා බවත් එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති, හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවසීය.

රට ව්‍යසනයකට තල්ලූ වී තිබෙන බවත් මේ අවස්ථාවේ රජය ප‍්‍රමුඛත්වය දී කි‍්‍රයාකළ යුත්තේ ජනතාව ජීවත් කරවීමට බවත් ඔහු කීවේය. වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අබේවර්ධන මහතා මෙසේ ද කීය. මේ ආණ්ඩුවට රට පාලනය කිරීම සඳහා නිසි දේශීය ප‍්‍රතිපත්තියක් හෝ විදේශ ප‍්‍රතිපත්තියක් නැහැ. මේ නිසා අද රට අර්බුද ගණනාවකට තල්ලූ වී තිබෙනවා. ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්ව තිබෙනවා.

අද ඞීසල් නැහැ, පෙට‍්‍රල් නැහැ, ගෑස් නැහැ, භූමිතෙල් නැහැ, කිරිපිටි නැහැ, සිමෙන්ති නැහැ, නැවත මේ රට පෝලිම් යුගයකට ගෙන ගොස් තිබෙනවා. මේ තත්ත්වයෙන් රටත් ජනතාවත් මුදාගත යුතුයි. එය කළ හැක්කේ ජාත්‍යන්තර විශ්වාසය දිනාගත් රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා ඇති නායකයකුට පමණයි. ඒ හැකියාව ඇති එකම නායකයා රනිල් වික‍්‍රමසිංහ මහතායි. රටේ ආර්ථිකය මීට වඩා දරුණු ලෙස කඩාවැටුණු අවස්ථාවලදී ඒ ආර්ථිකය ගොඩගැනීමට එතුමා කි‍්‍රයාකර තිබෙනවා.

ගාල්ල – ලලිත් චාමින්ද – එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment