කුමුදු පි‍්‍රයංකා දුර පැනීමෙන් සිය හොඳම දක්ෂතාවය වාර්තා කරයි – මධුරංග සුබසිංහ මීටර් 400 මූලික වටයෙන් නවතී

254

* 2020 ටෝකියෝ පැරාලිම්පික් කී‍්‍රඩා උළෙල

2020 ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේ ඊයේ (03 වැනිදා) පැවැති තරග සඳහා ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තුන් දෙනෙක් සහභාගි වූ අතර ඔවුන්ට පදක්කමක් කරා යෑමට නොහැකි විය.

ශී‍්‍ර ලංකාව මෙවර නියෝජනය කරන එකම පැරාලිම්පික් කී‍්‍රඩිකාව වන කුමුදු පි‍්‍රයංකා සිය කී‍්‍රඩා ජීවිතයේ දුර පැනීමේ ඉසව්වෙන් සිය හොඳම පෞද්ගලික දක්ෂතාවය ලෙස මීටර් 4.92 ක දක්ෂතාවක් වාර්තා කිරීමට ඊයේ (03 වැනිදා) සමත් වුව ද ඇයට එම ඉසව්වෙන් හිමි වුණේ 9 වැනි ස්ථානයයි.

පළමු අවස්ථාවේදී එම දක්ෂතාවය වාර්තා කළ කුමුදු දෙවැනි සහ තෙවැනි අවස්ථාවලදී පිළිවෙළින් මීටර් 4.77 ක් සහ මීටර් 4.73 ක දස්කමක් පමණක් වාර්තා කිරීමට සමත් වූ නිසා කුමුදුට පදක්කමක් කරා යෑමට නොහැකි වූවාය.

මීටර් 400 තරගය නියෝජනය කරමින් තරගාවලියට එකතු වූ මධුරංග සුබසිංහට ඊයේ (03 වැනිදා) එම ඉසව්වේ මූලික වටයේ තරගයෙන් පමණක් සෑහීමට පත් වීමට සිදු වූ අතර එහිදී ඔහු වාර්තා කළ දක්ෂතාවය වූයේ තත්පර 51.08 කි. තත්පර 0.14 කින් ඔහුට අවසන් තරගය මඟ හැරිණි.

දුනු විදීමේ ඉසව්ව නියෝජනය කරමින් තරග කළ සම්පත් බණ්ඩාර සුපිරි 16 දෙනාගේ වටයේදී ඉන්දීය කී‍්‍රඩක චිකාරා විවේක් හමුවේ 6-2 ක් ලෙස පරාජයක් ලැබීය.

වට හයකින් සමන්විත වූ එම තරගයේ දෙවැනි වටය පමණක් ජය ගැනීමට සම්පත් බණ්ඩාරට හැකි වූ අතර පළමු, තෙවැනි, හතරවැනි සහ පස්වැනි වට ජය ගත් ඉන්දීය කී‍්‍රඩකයාට හයවැනි වටයක් නොපවත්වාම ජයග‍්‍රහණය පිරිනැමිණි.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment