හොර ලේඛන හදා සැප වාහන 400 ක් විකිණීමේ විමර්ශන වලානෙන් ගලවයි – සීඅයිඩීයට භාරදෙයි

333

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක් විසින් කාලයක් තිස්සේ කරගෙන ගිය ව්‍යාජ ලිපි ලේඛන සකස් කර අති සුඛෝපභෝගි වාහන 400 ක් විකිණීමේ මහා ජාවාරම සම්බන්ධ විමර්ශනවලින් වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය ඉවත් කර එම විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත.

මෙසේ ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ගත් වාහන හිමියන් අතර ප්‍රබල දේශපාලනඥයන් ආරක්‍ෂක අංශ ඉහළ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ ධනවත් ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රභූන් රැසක් සිටින බවද වාර්තා වෙයි.

මෙසේ ව්‍යාජ ලිපි ලේඛන සකස් කර විකිණූ වාහන 50 ක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචිමාර්ග පැවසීය.

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරින් 05 දෙනකු මෙම මහා පරිමාණ ජාවාරමට සම්බන්ධ වී සිටින බව වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සිදු කළ විමර්ශනවලදී හෙළිවී තිබිණි.

මෙම සංවිධානාත්මක ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment