මේ වසරේ මෙතෙක් මිනිස් ඝාතන 370 ක්: නීතියේ ආධිපත්‍ය බිඳ වැටී ගෝත්‍රික රටක් වෙලාද? – ඩලස් මැතිසබයේදී අසයි

178

මේ වසරේ ජනවාරි සිට මේ වනතෙක් කාලය තුළ මනුෂ්‍ය ඝාතන 370 ක් සිදුව ඇතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22 දා) පැවසීය.

ඒ අනුව රට තුළ මසකට ඝාතන 46 ත් 50 ත් අතර සිදුවන බැවින් ශ්‍රී ලංකාව නීතියේ ආධිපත්‍ය බිඳවැටෙනු රටක්, ගෝත්‍රික රටක් බවට පත්ව ඇතැයි හෙතෙම පැවසීය.

පසුගිය වසරේදී ද මෙම කාලය දක්වා මනුෂ්‍ය ඝාතන 360 ක් සිදුව ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්, ඉඩම් ආරවුල්, අනියම් සම්බන්ධතා වැනි හේතු නිසා සිදුවන මනුෂ්‍ය ඝාතන වැළැක්වීම සඳහා ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවාදැයි ප්‍රශ්න කළේය.

වාචික පිළිතුරු, අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්නයකට අතුරු ප්‍රශ්නයක් මතු කරමින් ඩලස් අලහප්පෙරුම මහතාට ඊට පිළිතුරු දෙමින් ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්කනෝන් මහතා කියා සිටියේ මත්ද්‍රව්‍ය මැඩපැවැත්වීමට සංකීර්ණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් එය ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීම නුසුදුසු බවත්ය. මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන් මැඩපැවැත්වීම රජයේ උත්සාහය බවද හෙතෙම වැඩිදුරටත් කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment