ජගත් කාන්තා දිනයේදී ගුවන්විදුලියේදී කතුන් දෙදෙනකුට සම්මාන

172

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවය සහ ශී‍්‍ර ලංකා ජාතික නාවික වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති සංගමයේ මෙහෙයවීමෙන් ‘‘කාන්තාවන්ට තම අයිතීන් සුරක්‍ෂිත කරගත හැකි සමාජයක් ගොඩනගමු’’ යන තේමාව මූලික කරගනිමින් ඊයේ (08දා) ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී කාන්තාවන් ඇගයීමේ වැඩසටහනක් පැවැත්විණි.

මෙම අවස්ථාවේ විශේෂ කාන්තා චරිත දෙකක් සම්මානයට පාත‍්‍ර කිරීම ද සිදුවිය.

ජගත් කාන්තා දිනයේදී ගුවන්විදුලියේදී කතුන් දෙදෙනකුට සම්මාන

ශී‍්‍ර ලංකාවේ ආයුර්වේද ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ අධ්‍යාපනඥ, චිකිත්සක හා පර්යේෂිකාවක මෙන්ම ආයුර්වේද ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රථම කාන්තා ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරිය මෙන්ම ප‍්‍රථම කාන්තා සම්මානනීය මහාචාර්යවරියක වන සුජාතා එදිරිවීර මහත්මිය සහ මිනිස් අයිතිවාසිකම්, ජනවාර්ගිය සාමය, කාන්තා අයිතිවාසිකම් වැඩ කරන ජනතාවගේ වෘත්තීය අයිතිවාසිකම් මෙන්ම මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නැගූ මාධ්‍යවේදිනියක හා ලේඛිකාවක වන සීතා රංජනී යන මහත්මීහු මෙහිදී ඇගයීමට ලක්වූහ. ඇගයීමට ලක් කරමින් ජාත්‍යන්තර ප‍්‍රවාහන සේවක සම්මේලනයේ නිත්‍ය නියෝජිත ජෝඩි එවානිස් මහත්මිය විසින් සම්මාන ප‍්‍රදානය කළ අයුරු මෙහි දැක්වේ.

මෙම වැඩසටහනේ පිළිගැනීමේ කතාව ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථා ස්වදේශීය සේවයේ සහකාර අධ්‍යක්‍ෂිකා අසෝකා බාලසූරිය මහත්මිය විසින් සිදුකෙරුණු අතර කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරිනි අමරසූරිය, නීතිඥ ශ්‍යාමලී රණරාජ, ගායන ශිල්පිනි ප‍්‍රදීපා ධර්මදාස යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment