සජිත්ගෙන් මහින්දට අභියෝගයක්

171


විවිධ කුඨ ක්‍රමෝපායන් මගින් මැතිවරණ කල් දමනවාට තමන් විරුද්ධ බවට ජාතික මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා කර තිබු ප්‍රකාශ අදටත් වලංගු නම් ආණ්ඩුව මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සදහා බව කියමින් අලු‍තින් පත්කර තිබෙන සීමා නිර්ණය කමිටුවේ සභාපතිකමට පත්ව ආණ්ඩුවේ මැතිවරණ කල් දැමීමේ කොන්ත්‍රාත්තුව භාර නොගන්නා ලෙස තමා ඒ මහතාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මොනවා හරි ප්‍රශ්න ටිකක් ඉදිරියට දමා මැතිවරණ කල් දැමීමටයි ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ.පළාත් පාලන මැතිවරණය තිබිය යුතුමයි.එම මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව පළාත් පාලන පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් හදන්න මේ සිමා නිර්ණය කමිටුවක් පත් කර තිබෙන බවද ඒ මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment