පොලිස් සැරයන් ඝාතනයට කැබිතිගොල්ලෑවේ හයක් රිමාන්ඩ්

154


වල් අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් විමර්ශනය කිරීමට ගිය කැබිතිගොල්ලෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසකට පොලු‍ මුගුරුවලින් තද බල ලෙස පහරදී පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කබිතිගොල්ලෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු ඇතුළු තවත් සැකකරුවන් හය දෙනකු මෙම මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා නියෝග කළේය.
කැබිතිගොල්ලෑව අටවිරගොල්ලැව රඹකැපුවැව පදිංචි ප්‍රධාන සැකකරු ලෙස නම් කොට සිටින ඩබ්ලිව්.මධුසංඛ පුෂ්ප කුමාර නොහොත් මධු,එච්.එම්.ගයාන් බුද්ධික හේරත්,හිටපු යුද හමුදා සෙබළෙකුවන ජේ.එම්.අමිත් සංජිව ජිනසේන,ආර්.චරිත කුමාර නොහොත් චන්ඩි,ජේ.මහේෂ් කුමාර සහ සිවිල් ආරක්ෂක බලකා සෙබළෙකුවන පි. මහින්ද කුලරත්න නමැති සැකකරුවන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment