දප්පුලට අභියාචනාධිකරණයෙන් සහනයක්

281

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අත්අඩංගුවට ගැනීම සහ නීතිපතිවරයා වශයෙන් සිදුකළ කටයුතු සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ සටහන්කර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ත්‍රස්ත මර්දන කාර්යාංශය ඇතුළු වගඋත්තරකරුවන් වෙත අද අතුරු නියෝග නිකුත් කළේය.

හිටපු නිතිපතිවරයා විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු නියෝග නිකුත් කර තිබේ.

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව අධිකරණය මෙම අතුරු නියෝග නිකුත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment