රජයේ රෝහල්වලට එන පිරිස ඉදිරියේදී 30% කින් වැඩිවේවි- සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

198

වත්මන් ආර්ථීක අර්බුදය හමුවේ

වත්මන් ආර්ථිකය හමුවේ මධ්‍යම ආදායම්ලාභීහු තවදුරටත් පෞද්ගලික රෝහල් පහසුකම් ලබා ගැනීමට නොහැකිව රජයේ රෝහල් වෙත යොමුවන බවත්, එම වැඩිවන පිරිස සියයට 25ත්, 30ත් අතර ප්‍රමාණයක් වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ පසුගිය 24 දා පාර්ලිමේන්තුවේ දී පැවැති සෞඛ්‍ය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්දියානු ණය මාර්ගයෙන් ඩොලර් මිලියන 200 ක ප්‍රතිපාදන වෙන්කර ඇති බව අමාත්‍යවරයා තවදුරටත් පැහැදිලි කළේය. ඊට අමතරව ඉන්දියානු ණය මාර්ගයෙන් ලැබුණු ඩොලර් බිලියන 1 න් ඉතිරි ඩොලර් මිලියන 35 ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

පෞද්ගලික රෝහල්වල අධික ගාස්තු අයකිරීම සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරු කාරක සභාවේ අවධානය යොමු කළහ.

අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ වත්මන් ආර්ථිකය හමුවේ මධ්‍යම ආදායම්ලාභී කාණ්ඩයට තවදුරටත් පෞද්ගලික රෝහල් පහසුකම් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් තුළ රජයේ රෝහල් වෙත යොමුවන පිරිස ඉදිරියේදී ආසන්න වශයෙන් 25% – 30% අතර ප්‍රමාණයකින් වැඩි වන බවයි.
අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment