දුටු මුල් දිනයේම තහනම් ගමන් ගිය දැරිය අතවරයට

934

හෝටලයක් පිටුපස සිහිසුන්ව වැටී සිටියදී දැරිය රෝහලට

දැරිය අසල සිටි තරුණයෝ තිදෙනා පොලිස් භාරයට

වයස අවුරුදු 14 මාස 10 ක් වූ දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කරමින් ස්ත්‍රී දූෂණයක් කළ බවට අත්අඩංගුවට ගනු ලැබූ ඇගේ පෙම්වතා හා පෙම්වතාගේ මිතුරන් දෙදෙනකු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ දොඩම්ගොඩ, නාගොඩ සහ පයාගල, ගොරකදෙණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 සහ 20 ක්වූ තරුණයන් තිදෙනෙකි.

09 ශේණිය ඉගෙනුම ලබන මෙම දැරිය මීට දින කීපයකට පෙර කළුතර නගරයට පැමිණි අවස්ථාවේ හමු වූ තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබූ බවත්, ඉන්පසු ඔහුගේ ඉල්ලීම අනුව බසයෙන් කටුකුරුන්ද හන්දියට පැමිණ එතැන් සිට ඔහුගේ යතුරු පැදියෙන් මග්ගොන ප්‍රදේශයේ කාමර කුලියට දෙන ස්ථානයකට ගොස් ලිංගික සබඳතා පැවැත්වූ බවත් ඇය පොලිසියට ප්‍රකාශ කොට තිබුණි.

ඉන්පසු දෙසැම්බර් 24 වැනි දින පෙම්වතාගේ ඉල්ලීම මත ගීකියනකන්දේ සිට ඔහුගේ මිතුරකුගේ යතුරු පැදියෙන් දොඩම්ගොඩ පිහිටි පෙම්වතාගේ නිවසට පැමිණ රාත්‍රිය ගත කළ බවත් එම නිවැසියන්ගේ විරෝධය හමුවේ වෙනත් මිතුරකුගේ නිවසේ නතර කිරීම සඳහා ගෙන ගිය බවත් ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත. ඉන්පසු පෙම්වතා හා ඔහුගේ මිතුරන් සමග කැබ් රථයකින් මොරගල්ල වෙරළට ගිය බවත් එහිදී තමාටද මත්පැන් පානය කිරීමට දුන් බවත් ඉන්පසු සුදු වූ දේ එතරම් මතක නැති අතර කිසිවකු තම ඇඳුම් අතරින් අත් යවනවා දැණුනු බවත් ඇය කර තිබූ ප්‍රකාශයේ තවදුරටත් සඳහන්වේ. කළුතර, කටුකුරුන්දේ හෝටලයක් පිටුපස තරුණ ගැහැනු ළමයකු සිහිසුන්ව බිම වැටී සිටින බවත් ඇය අසල පිරිමි ළමුන් තිදෙනකුද සිටින බවත් කියමින් ලද දුරකථන ඇමතුමකට අනුව ක්‍රියාත්මකවූ පොලිස් නිලධාරීන් මොවුන් තම භාරයට ගෙන තිබූ අතර දැරිය කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබුණි. කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

කළුතර විශේෂ – එස්. ආරච්චිගේ

advertistmentadvertistment
advertistmentadvertistment