බද්ද අසාධාරණ වුවත් වර්ජනයට යන්නේ නෑ – වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති රුක්‍ෂාන් බෙල්ලන

97

රජයේ බදු ප්‍රතිපත්තියේ අසාධාරණයක් පැවතියත්, රෝගී ජනතාවගේ ජීවිත පළිහක් කර ගනිමින් වැඩ වර්ජනයේ නිරත නොවීමට සිය සංගමය තීරණය කළ බව රජයේ වෛi නිලධාරීන්ගේ සංසදයේ සභාපති කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛi රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට ඊයේ (13 දා) පැවසීය.

රජය උපයන විට බදු අයකර ගැනීම සාමාන්‍ය තත්ත්වයක් වුවත් එය අසාධාරණ ලෙස සිදු කිරීම කොල්ලකෑමකට සමාන වන බැවින් රජය ඒ පිළිබඳව දැඩිව අවධානය යොමු කළ යුතුව ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

ප්‍රශ්න සාකච්ඡා කර විසඳුම් සොයනවා වෙනුවට රෝගී ජීවිත අවදානමේ දමමින් වැඩ වර්ජනයන්ට යොමුවීම සිය සංගමය අනුමත නොකරන බැවින් රට පුරා පැවැත්වෙන වර්ජන සඳහා සහාය ලබා නොදීමට සිය සංගමය තීරණය කර ඇතැයිද වෛi රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment