යාපනයේ සරසවි සිසුන් දුරකථන සොරකමේ

57

ජංගම දුරකථන හොරකමේ යෙදී සිටි යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනකු යාපනය පොලිසිය විසින් 10 දා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිසුන් දෙදෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සිසුන් දෙදෙනකු බවත් ඔවුන් මත්ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා ජංගම දුරකථන වැනි දේ සොරාගෙන අලෙවි කොට ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් දෙදෙනා යතුරු පැදිවලින් ගොස් ජංගම දුරකථන හොරකම් කොට එම යතුරුපැදිවලින්ම ගොස් පුද්ගලයන් සමග කතාබස් කොට එම දුරකථන අලෙවි කොට ඇති බවද පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා පිළිබඳව යාපනය පොලිසිය විසින් යාපනය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය වෙත දැනුම් දී ඇති අතර එහි නිලධාරීන් දෙදෙනකු යාපනය පොලිසියට ගොස් ඔවුන්ව හඳුනාගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලිසිය පියවර ගෙන තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment