කිඹුලා දරුවා අල්ලාගෙන ගඟ මැදට පිහිනයි

344

සිය මිත්තනිය සමග කැලණි ගඟේ දියනෑමට ගිය පාසැල් සිසුවෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇත.
මෙම සිසුවා ඊයේ (16) සවස තුනට පමන කැලණි ගඟේ වැලිවිට ශාන්ත අන්තෝනි මාවතේ තොටුපලට දිය නෑමට ගොස් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී තිබේ.
මෙසේ කිඹුලා විසින් ඩැහැගෙන ගොස් ඇත්තේ වැලිවිට ශාන්ත මරියා විදුහලේ පස්වන ශ්‍රේණියේ ඉගනුම ලබන දිස්න ප්‍රබෝද් (10) නැමති සිසුවායි. ඔහු වැලිවිට ප්‍රදේශයේ ම පදිංචි අයකි.

සිසුවා දියට බැසීමේදී එක් වරම කිඹුලා දරුවාව කටින් ගෙන ගඟ මැදට පිහිනා ගොස් ඇත. ආච්චීගේ කෑගැසීම නිසා අසල්වාසීන් තොටුපලට එක් රොක් වූඅතර කඩුවෙල පොළිස් ස්ථානාධිපති කාන් වීරසිංහ ගමහතා ඇතුලු නිලධාරීන් ද එම ස්ථානයට පැමින සිටියහ. කිඹුලා කිහිපවරක්ම දරුවා කටින් ගෙන දිය යට ගොස් නැවත දිය මතුපිටට පැමිණ ඇත.

පසුව එක් වරම දිය යටට පිහිනා ගොස් ඇති අතර පසු පොළිසිය නාවික හමුදා සහයද
ඇතිව බෝට්ටුවක් ආධාරයෙන් සිසුවා සෙවීම සඳහා මෙහෙයුමක් ඇරඹීය.
ප්‍රදේශවාසීන් ප්‍රකාශ කලේ ඒ අතරතුර කිඹුලා එක් වරක් නැවැත දිය මතු පිටට පැමිණි අතර ඒ වනවිට දරුවා දැක ගැනීමට නොහැකි වූ බවයි.
දරුවාගේ සිරුර සෙවීමේ මෙහෙයුම් දිගටම සිදුවෙමින් පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment