ප්‍රභාත් වසරේ ටෙස්ට් පන්දු යවන්නා වෙයි

331

සියැට් ආයතනය විසින් පවත්වනු ලබන සියැට් ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ හොඳම ටෙස්ට් පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සම්මානයට පාත්‍ර වූයේය.

ඉන්දියාවේ මුම්බායිහි දී මෙවර සම්මාන උළෙල පැවැත්විණි.

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ඉන්දියාවේ ෂුබ්මන් ගිල් ට හිමි වූ අතර වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය නවසීලන්ත නායක කේන් විලියම්සන්ට හිමි වූයේය.

එම සම්මාන උළෙලේ සම්මානයට පාත්‍ර වූ ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් මෙසේය.

  1. යාවජීව සම්මානය – මදන් ලාල් සහ කාර්සන් ගෞරි
  2. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා – ෂුබ්මන් ගිල්
  3. වසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව – දීප්ති ෂර්මා
  4. වසරේ පන්දු යවන්නා – ටිම් සවුති
  5. වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා – කේන් විලියම්සන්
  6. වසරේ එක්දින පිතිකරු – ෂුබ්මන් ගිල්
  7. වසරේ ටෙස්ට් පිතිකරු – කේන් විලියම්සන්
  8. වසරේ ටෙස්ට් පන්දු යවන්නා – ප්‍රභාත් ජයසූරිය
  9. වසරේ පන්දු වාර 20-20 පිතිකරු – සූර්යකුමාර් යාදව්
  10. වසරේ පන්දු වාර 20-20 පන්දු යවන්නා – බුවනේෂ්වර් කුමාර්
  11. වසරේ එක්දින පන්දු යවන්නා – ඇඩම් සම්පා
  12. වසරේ සියැට් පුහුණුකරු – බ්‍රෙන්ඩන් මැකලම්
advertistmentadvertistment
advertistmentadvertistment