ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණයට තවදුරටත් ලෝක බැංකුවේ සහාය

57

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ කටයුතු සහ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සඳහා තවදුරටත් ලෝක බැංකුවේ සහාය සහතික කර ඇත.

ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ ඈන් බි්‍රජර්ඩ් මහත්මිය මේ බව සහතික කර ඇත්තේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සමග සාකච්ඡාවක නිරත වෙමිනි. ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය, ආර්ථික ප්‍රකෘතියට සහාය වන්නේ කෙසේද යන්න ඇය මෙහිදී පැහැදිලි කර ඇත. මෙම සාකච්ඡාවේදී කළමනාකාර අධ්‍යක්ෂවරිය විසින්, ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ කටයුතු සහ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සඳහා තවදුරටත් ලෝක බැංකුවේ සහාය සහතික කර ඇත.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වොෂින්ටනයේ පැවැති ජී 24 අමාත්‍ය මණ්ඩල රැස්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය.

සිය නිල ගිණුමේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළේ මෙම රැස්වීමේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ අභියෝග මධ්‍යයේ තිරසාර සහ සාමුහික වර්ධනයක් සුරක්ෂිත කිරීම බවයි.

“ජාත්‍යන්තර ප්‍රජාවට සහ බහුපාර්ශ්වික ආයතනවලට තිරසාර සහ සාමූහික වර්ධනයක් ලබා ගැනීම සඳහා නැගී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි ප්‍රතිපත්තිමය ප්‍රයත්නයන්ට ඵලදායී ලෙස සහාය විය හැකි ප්‍රධාන ක්ෂේත්‍ර සාකච්ඡා කිරීමට මෙම රැස්වීම වේදිකාවක් සැපයූ බව ද ඇමැතිවරයා පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment