සියයට 48ක් බූස්ටරේ අරන් – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

106

කොවිඞ් තුන්වැනි එන්නත් මාත‍්‍රාව (බූස්ටර්) මේ වනවිට සියයට 48කට වැඩි පිරිසකට ලබා දී ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිවයින’ට ඊයේ (19දා) පැවැසීය.

කිසිදු කොවිඞ් එන්නත් මාත‍්‍රාවක් ලබානොගත් අයගෙන් සමාජය තුළ කොවිඞ් පැතිරීමේ වැඩි ඉඩකඩක් ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

එසේම සංකූලතා ඇති අය මරණයට පත්වීමේ ප‍්‍රවණතාවක් දක්නට ඇති බැවින් හැකි ඉක්මනින් කොවිඞ් එන්නත් මාත‍්‍රා දෙක හා බූස්ටර් එන්නත ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ගොස් ලබාගන්නැයි ද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මීට පෙර දිනකට කොවිඞ් රෝගීන් 4000 ඉක්මවා හමු වූ මොහොතේ සෞඛ්‍ය අංශ පාලනයකින් කටයුතු කළ බවත් මේ නිසා නැවත

රෝගීන් වැඩිවීමට ඉඩ නොදී කටයුතු කිරීමට ජනතාව වගබලා ගතයුතු බවත් හෙතෙම කීය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment