බස්නාහිර පළාත් සභාව කෝටි 39 ක නෝටි වැඩ

203

ප්‍රාග්ධන වියදම් නවතා දමන ලෙසට රජය උපදෙස් ලබා දී තිබිය දී බස්නාහිර පළාත් සභාව දිගින් දිගටම නිෂ්ප්‍රයෝජන ව්‍යාපෘති රැසක් සඳහා මේ දක්වා රුපියල් කෝටි තිස්නවයක් (මිලියන 390) වැය කර ඇතැයි වාර්තා වේ.

මෙහිදී වඩාත්ම බරපතළම ප්‍රශ්නය වී ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මාළු ටින් කරන (සැමන්) කර්මාන්ත ශාලා පරිශ්‍රයේ කාර්යාලයක්, රැස්වීම් ශාලාවක් හා ගබඩා සංවර්ධනයක් ඉදිකිරීම සඳහා තවත් කෝටි හතර හමාරක් (මිලියන 45) වැය කිරීම යැයි පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

මෙම සැමන් කම්හල ඉදිකිරීමට පෙරාතුව ආනයනය කළ මැෂින් ඇතුළු උපකරණ වසර කිහිපයක් තිස්සේ ජරාජීර්ණ වී ඇත්තේ කම්හල කිසිම නිෂ්පාදනයක් නොකිරීම නිසා යැයි ද හෙතෙම කීය.

බස්නාහිර පළාත් සභාව විසුරවා හැර ලබන අප්‍රේල් මසට වසර හතරකි.

මීගොඩ ඔසු උයන (අක්කර 12) කපා සම්බාහන කාමර ඉදිකිරීම, කරදියාන ප්‍රදේශයේ දියර පොහොර කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා රුපියල් කෝටි හතරක් (මිලියන 40) වැයකිරීම සහ කිසිදු ලාභයක් නොමැතිව දේශීය සහල් පැකට් කර විදේශිකයන්ට විකිණීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ආදිය මගින් බස්නාහිර පළාත් සභාව මුදල් විනාශ කර දමා ඇතැයි ද එබැවින් ඒ පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ප්‍රධානීන් හෝ සොයා බැලිය යුතුව ඇතැයි ද පළාත් සභා නිලධාරීහු කියති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment