මහලේකම් අවුල ලෙහාගන්න අමරවීර – තිලංග එකඟතාවට දෙදෙනාම ධුරය අත්හරිති

205

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරය පිළිබඳව ඇති වී තිබෙන අර්බුදය විසඳා ගැනීමට හිටපු මහලේකම් මහින්ද අමරවීර සහ නව මහලේකම් තිලංග සුමතිපාල යන මහත්වරුන් එකඟතාවට පැමිණ ඇත. ඒ අනුව ඔවුන් දෙදෙනා මහලේකම් ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ‘දිවයින’ට පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉල්ලීම මත ඔවුන් එම තීරණය ගෙන ඇත.

සන්ධාන මහලේකම් ධුරයේ සිටි මහින්ද අමරවීර මහතා එම තනතුරින් ඉවත් කර ඒ වෙනුවට තිලංග සුමතිපාල මහතාව පත් කර තිබිණි. එම පත්වීම සන්ධානයේ අනෙකුත් පක්ෂ නායකයින්ගේ එකඟතාව නොමැතිව සිදු කළ නීති විරෝධී ක්‍රියාවක් බව පවසමින් අමරවීර මහතා විසින් ඊට එරෙහිව අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව මැතිවරණ කොමිසම විසින් නව පත්වීම පිළිනොගත් අතර ස්ථිර මහලේකම්වරයකු පත් කර එවන ලෙස පක්ෂයට දැනුම් දී තිබිණි. එම තත්ත්වය හේතුවෙන් හිස් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ධුරයට පුද්ගලයකු පත් කර ගැනීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල යන මහත්වරුන්ට මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ දැනුම් දී තිබිණි. එම ඉල්ලීම මත එම දෙදෙනාම තනතුරුවලින් ඉවත්ව නව ලේකම්වරයකු පත් කර ගැනීමට කැමැත්ත පළ කර තිබේ.

රුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment