කීරිමලේ මුහුදට තරුණයෙක් බිලිවේ

233


අයහපත් කාලගුණික තත්ත්වය මැද යාපනයේ මුහුද රළු වී තිබියදී විනෝදයට කීරිමලේ මුහුදේ පිහිනීමට ගිය තරුණයෙකු ඊයේ මුහුදේ ගසාගෙන යාමෙන් පසුව මිය ගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 18 ක සූරියකාන්තන් සජිවන් නැමති යාපනයේ කලත්ති ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු තවත් යහලුවන් හතර දෙනෙකු සමග මුහුදේ පිහිනමින් සිටියදී ගසා ගෙන ගොස් තිබේ.
අතුරුදහන් වූ තරුණයා පිළිබදව කන්කසන්තුරේ පොලීසියට හා නාවික හමුදාවට පැමිණිලි කිරීමෙන් පසුව එම නිලධාරීන් පැමිණ පැය දෙකහමාරක් පමණ කාලයක් කළ සෝදීසියකින් පසුව මියගිය තරුණයාගේ මළ සිරුර සොයා ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment