වෙරළ වොලිබෝල් කණ්ඩායම පිටත් වෙයි

90

ටි්‍රනිඩෑඩ් ටුබෙගෝ හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් සඳහා සහභාගි වන ශ්‍රි ලංකා යොවුන් බාලක කණ්ඩායම පෙරේදා දිවයිනෙන් පිටත්ව ගියේය. නිෂාන් මධුෂ (දවිසමර විදුහල සිදුව) සහ සමිත් ඔලිවර් (ශාන්ත සේවියර් විදුහල මාරවිල) එම ක්‍රීඩකයෝ වෙති.

යොවුන් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළක් නියෝජනය කරන පළමු වෙරළ වොලිබෝල් ක්‍රීඩකයන් දෙදෙනා ඔවුහු වෙති. මහේෂ් පෙරේරා (පුහුණුකරු) සහ රවිහාර කුලතුංග (කළමනාකරු) වශයෙන්ද කණ්ඩායම නියෝජනය කරති. ශ්‍රී ලංකා ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කාංචන ජයරත්න මහතා සමග එම කණ්ඩායම ඡායාරූපයකට පෙනී සිටි අයුරු මෙහි දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment