දකුණු අපි‍්‍රකාවට එරෙහිව වසර 8කට පසු එක්දින තරගාවලි ජයක් සොයා ශී‍්‍ර ලංකාව අද සටනට

203

පිට පිටම ලැබූ එක්දින තරගාවලි පරාජයන් හතරකට පසුව සහ වසර අටකට පසු දකුණු අපි‍්‍රකානුවන්ට එරෙහිව එක්දින තරගාවලියක ජය සොයා ශී‍්‍ර ලංකාව අද(04 වැනිදා) පිටියට පිවිසීමට නියමිතය.

දෙරට අතර කි‍්‍රයාතමක් තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ජය ගනිමින් 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට ශී‍්‍ර ලංකාව පෙරේදා (02 වැනිදා) සමත්වූ අතර අද තරගය ජයගතහොත් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට ශී‍්‍ර ලංකාවට අවස්තාව උදාවේ. එ් අනුව කි‍්‍රයාත්මක වන දෙරට අතර දෙවැනි එක්දින තරගය අද පස්වරු 2.30ට කොළඹ ආර්.පේ‍්‍රමදාස ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ.

2013 වසරේදී දකුණු අපි‍්‍රකානුවන්ට එරෙහිව අවසන් වරට එක්දින තරගාවලියක් (4-1) ජයග‍්‍රහණය කළ ශ‍්‍රී ලංකාව අනතුරුව දෙරට අතර කි‍්‍රයාතමක වූ එක්දින තරගාවලි 3ක් අන්ත ලෙස පරාජයට පත්විය. ඊට අමතරව 2019 වසරේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එක්දින තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුව මේ දක්වා එකදු එක්දින තරගාවලියක් හෝ ජය ගැනීමට නොහැකි වූ ශී‍්‍ර ලංකාව එ් අතර වාරයේ එක්දින තරගාවලි 4ක් (බටහිර ඉන්දීය කොදෙව්වන්ට, බංග්ලාදේශයට, එංගලන්තයට සහ ඉන්දියාවට) පිට පිටම පරාජයට පත්විය. එ් අනුව අද පැවැත්වෙන තරගය ජය ගනිමින් එක්දින තරගාවලි පරාජ රැුල්ලෙන් ශී‍්‍ර ලංකාව ගලවා ගැනීම දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශී‍්‍ර ලංකා කණ්ඩයමේ පූර්ණ වගකීම බවට මේ වනවිට පත්ව තිබේ.

දෙරට අතර කි‍්‍රයාත්මක වූ පළමු තරගයේදී ශී‍්‍ර ලංකා පිතිකරුවන් ලකුණු අතරට පිවිසෙමින් ලකුණු 300 සීමාවට ලඟාවීමට සමත්වීම අද තරගය පිළිබඳ යහපත් මානසිකත්වයක් ඇතිකර ගත හැකි කරුණක් බවට පත්ව තිබේ. පිතිකරුවන්ට යෝග්‍ය ලෙස හැසිරුණු ආර්. පේ‍්‍රමදාස පිටියේදී ශී‍්‍ර ලංකා පන්දුයවන්නන් පළමු තරගයේ අවසන් පන්දුවාර 10 තුළදී වැඩි තර්ජනයක් එල්ල කිරීමට සමත්වෙමින් දකුණු අපි‍්‍රකානු පිතිකරුවන්ට වැඩි තර්ජනයක් එල්ලකරනු දක්නට ලැබිණි. එ් අනුව අද පැවැත්වෙන තරගයේදීත් ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට අමතරව දුෂ්මන්ත චමීර, වනිදු හසරංග, අකිල ධනංජය, චාමික කරුණාරත්නට මෙන්ම ධනංජය ද සිල්වාට වැඩි වගකීමක් පැවරෙනු ඇත.

සංචිතයට ඇතුළත්ව ඇති දිනේෂ් චන්දිමාල් අද තරගයට කී‍්‍රඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර එසේ වුවහොත් කණ්ඩායමේ ස්ථානය අහිමිවන පිතිකරුවා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ශී‍්‍ර ලංකා තේරීම් කමිටවුට සිදුවනු ඇත. කෙසේ වෙතත් දකුණු අපි‍්‍රකානු නායක ටෙම්බා බවුමාට සිදු වූ ඇඟල්ලේ ආබාධය හේතුවෙන් තරගාවලියේ ඉතිරි තරග දෙකම ඔහුට අහිමි වී ඇති අතර කණ්ඩායමේ නායකත්වයේ වගකීම කේෂාව් මහරාජ්ට හිමිව තිබේ. එ් අනුව පළමු තරගයට කී‍්‍රඩා කළ දකුණු අපි‍්‍රකානු කණ්ඩායමේ එක් වෙනස්කමක් අද සිදු කෙරෙනු ඇත.

දෙරට අතර මේ දක්වා ජාත්‍යන්තර එක්දින තරග 78ක් පවත්වා ඇති අතර එහිදී ජයග‍්‍රහණ 44ක් වාර්තා කිරීමට දකුණු අපි‍්‍රකාව සමත්වී තිබේ. තරග 32ක ජය ශී‍්‍ර ලංකාව හිමිකර ගනිද්දි තරග සමවීම් එකක් සහ නොවිසඳුණු එක් තරග අවස්ථාවක් සටහන් වේ.

මේ අතර පළමු තරගයේ ජයත් සමගින් අයි.සී.සී සුපර් ලීග් තරගාවලියේ තවත් ලකුණු 10ක් ශී‍්‍ර ලංකා කණ්ඩායමට හිමි වූ අතර එ් අනුව එහි ප‍්‍රසාද ලකුණු සටහනේ 12 වැනි ස්ථානයේ පසු වූ ශී‍්‍ර ලංකාවට එහි 8 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට අවස්ථාව උදා විය. එ් අනුව යම් හෙයකින් අද තරගය ජය ගැනීමට ශී‍්‍ර ලංකාවට හැකියාව ලැබුණහොත් එම සටහනේ පස්වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට අවස්තාව බොහෝ දුරට උදාවීමට ඉඩ තිබේ.

ක‍්‍රිඩා කිරීමට අපේක්‍ෂිත ශ‍්‍රී ලංකා සංචිතය

දසුන් ශානක (නායක), අවිශ්ක ප‍්‍රනාන්දු, මිනෝද් භානුක, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, චාමික කරුණාරත්න, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, ප‍්‍රවීන් ජයවික‍්‍රම,අකිල ධනංජය

දකුණු අපි‍්‍රකානු සංචිතය

කේෂව් මහරාජ්(නායක), ජුනියර් ඩාලා, බියුරන් හෙන්ඩි‍්‍රක්ස්, රීසා හෙන්ඩි‍්‍රක්ස්, හෙන්රිච් ක්ලාසන්, ජෝර්ජ් ලින්ඬේ, ජන්නමන් මලන්, ඒඩන් මාක‍්‍රම්, වියාන් මෝල්ඩර්, ඇන්රිච් නෝර්ට්ජේ, ඇන්ඩිලේ පෙහෙලූක්වායෝ, ඬේවියන් පිටෝරියස්, කාගිසෝ රබාඩා, ටබ‍්‍රයිස් ෂම්සි, රසී වෑන්ඩර් ඩුසෙන්, කයිල් වෙරීන්, ලීසාඞ් විලියම්ස්. ක්වින්ටන් ද කොක්, ජෝර්න් ෆෝටුයින්, සිසන්ද මාගල, ඒඞ්න් මාක‍්‍රම්, ඬේවිඞ් මිලර්, ලූන්ගි න්ගිඩි , ලීසාඞ් විලියම්ස්.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment