විසි කළ පෑන ඇසේ වැදී සිසුවාට සැත්කමක්

609

රාජගිරිය ජනාධිපති විදුහලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු විසිකරන ලද පෑනක් තවත් සිසුවකුගේ වම් ඇසට වැදීමෙන් ඇසට හානි වී කොළඹ ජාතික අක්‍ෂි රෝහලට ඇතුළත් කර ඇතැයි එම රෝහල් පොලිසිය පවසයි.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ රංගන ශිල්පියකු වන මේනුක ප්‍රේමරත්න මහතාගේ පුතනුවන් වන ඔෂධ එරෂ්මික ප්‍රේමරත්න පුතු වේ.

දරුවා මේ වන විට ශල්‍යකර්මයකට ලක්කර ඇතැයි එම රෝහල් ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

රංගන ශිල්පී මේනුක ප්‍රේමරත්න මහතා මෙසේ පැවසීය.

පියෙක් හැටියට පාසල තුළ මේ වගේ ක්‍රියාවක් මා දැඩි ලෙස හෙළා දකිනවා. දරුවගේ පෙනීම සදාකාලකීවම නැති වෙන්න පුළුවන් කියලත් වෛiවරුන් කිව්වා. මේ ගැන රෝහල් පොලිසියටත් පැමිණිලි කළා. දරුවා ලබන වසරේ අපොස සාමාන්‍ය පෙළ ලියන්න ඉන්නේ. දරුවගේ සුපුරුදු පෙනීම ලැබෙන්න කියලා හැමෝම සුවය ප්‍රාර්ථනා කරන්න.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment