නවීන් හෙට සබරගමුව භාර ගනී

156

සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හිටපු ඇමැතිවරයකු වන නවීන් දිසානායක මහතා පත් කිරීමට නියමිතය.

සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම ධුරය සඳහා නවීන් දිසානායක මහතා පත්කරනු ලබයි.

නවීන් දිසානායක මහතා ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බොහෝදුරට හෙට (13 දා) සිදුකරනු ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

නවීන් දිසානායක මහතා 2020 වසර වන විට එජාප ජාතික සංවිධායක ලෙසද කටයුතු කරමින් සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment