වව්නියාවෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් 7කට සමාජ රෝග

1107

ගණිකා වෘත්තියේ යෙදීමේ චෝදනාව මත වවුනියාව නගරයෙන් අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් 07 දෙනකුට සමාජ රෝග පවතින බව අනාවරණය වී ඇති බව වවුනියාව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

ඒ අනුව වවුනියාව නගරයේ හා තේක්කවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු මෙම කාන්තාවන් 07 දෙනාට ගොනෝරියාව හා හර්ෆිස් යන සමාජ රෝග වැළඳී ඇති බව වවුනියාව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

වවුනියාව රෝහලේ සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ වවුනියාව ප්‍රදේශයේ ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් සමග කිසියම් ලිංගික සම්බන්ධතාවක් පැවැත්වූ අයෙක් වෙතොත් වහාම වවුනියාව රෝහලේ හෝ ළඟම රෝහලකට ගොස් එච් අයි වී මර්දන එකකයෙන් පරීක්ෂණයක් සිදු කර ගන්නා ලෙසටයි.
දිනසේන රතුගමගේ මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment