දුමින් නාගමුව අත්අඩංගුවට

322


කඩුවෙළ මහෙස්ත‍්‍රාත් උධිකරණය මගින් නිකුත් කරන ලද වරෙන්තුවකට අනුව පෙරටුගාමී සාමාජවාදී පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින් නාගමුව මහතා පොලිසිය මගින් අද දහවල් බොරැුල්ල ප‍්‍රදේහයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු ඇතුළු පක්ෂ නියෝජිතයන් පිරිසක් අද බොරැුල්ලේ පිහිටි ආචාර්ය එන්. එම්. පෙරෙරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වී යළි පැමිණෙමින් සිටියදී කඩුවෙළ පොලිසියේ නිලධාරීන් පිරිසක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අධිරණයට අපහාස වන අන්දමින් නිර්මාණය කරන ලද ආකෘතියක් ඉකුත් නොවැම්බර් මස 09 වැනිදා අධිකරණ නාමපවරුවේ සවිකර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කඩුවෙල අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ නිකුත් කර තිබූ විවෘත වරෙන්තු නියෝගයකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය ස`දහන් කළේය.

අත්අඩංගුවට ගත් දුමින්ද නාගමුව මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment