කොච්චිකඩේ දෙව්මැඳුරේ මංගල්‍යය අද සහ හෙට

122

කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දෙව් මැඳුරේ වාර්ෂික මංගල්‍යය අද (12) සහ හෙට (13) පැවැත්වේ.

අද සවස 7.00 ට සන්ධ්‍යා දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

හෙට මංගල්‍ය දිව්‍ය පූජාවන් පෙ. ව. 4.00 (දමිළ) පෙ. ව. 5.00 ට (සිංහල) පෙ. ව. 6.00 ට (දමිළ) උදේ 7.00 ට (සිංහල) උදේ 8.00 ට මංගල්‍ය දිව්‍ය පූජාව (දමිළ) උදේ 10.00 ට (සිංහල) දහවල් 12.00 ට (ඉංග්‍රීසි) යනාදි ලෙස භාෂා මාධ්‍යයන්ගෙන් පැවැත්වේ. හෙට සවස 5.00 ට ප්‍රතිමාව රැගත් පෙරහැර ආරම්භ වේ. එදින සවස 8.00 ට අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආශිර්වාද පූජාව පැවැත්වෙනු ඇත.
නෝමන් පලිහවඩන සහ මෝදර – ජෝෂප් රන්මුතුගල

advertistmentadvertistment
advertistmentadvertistment