ජූලි යයි කැත්‍රින් එයි

2421

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය ලෙස එලිසබෙත් කැත්‍රින් හෝස්ට් මහත්මිය නම් කර තිබේ.

ශ්‍රී ලංකා රජය මෙම පත්වීම සඳහා සිය එකඟතාව ලබා දී ඇත.

එරට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන හෝස්ට් මහත්මිය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පාකිස්තානය භාර ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ලෙස කටයුතු කරයි. ඇය යුරෝපා රටවල මෙන්ම ආසියානු රටවලද තානාපති නිලධාරිනියක ලෙස සේවය කර තිබේ.

වර්තමාන ඇමෙරිකානු තානාපතිනිය ජුලි චන්ග් මහත්මියගේ මෙරට සේවා කාලය ඉදිරියේදී අවසන් වේ. ඇය මෙරට තානාපතිනිය ලෙස වැඩ භාරගනු ලැබුවේ 2022 පෙබරවාරි මාසයේය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment