ඉරාන ජනතාව වෙනුවෙන් හඬ නගා සිරගෙට ගිය නාගීස් නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබයි

226

ඉරානයේ කාන්තාවන් මුහුණ පා සිටින පීඩනයට එරෙහිව හා ඉරාන ජනතාවගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් අවිහිංසාවාදී ලෙස පෙනී සිටි සමාජ ක්‍රියාකාරිනියක වන දැනට සිරගත කර සිටින ඉරාන ජාතික නාගීස් මොහොම්මදී පෙරේදා (10දා) නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවරදී මෙම වසර සඳහා වන නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය.

මෙවර නොබෙල් සාම ත්‍යාගලාභිනිය ඉරාන පාලකයන් විසින් සිරගත කර සිටීම නිසා නාගීස් වෙනුවෙන් එම ත්‍යාගය පිළිගනු ලැබුවේ ඇයගේ නිවුන් දරුවන් දෙදෙනා වන කියනා හා අලි රහ්මනි විසිනි. ඉරාන ජාතික සමාජ ක්‍රියාකාරිනියක වන නාගීස් හට නොබෙල් සාම ත්‍යාගයට අමතරව ස්වීඩන ක්‍රෝනාර් මිලියන 11ක (ඇමරිකානු ඩොලර් මිලියනයක) මුදල් ත්‍යාගයක්, රන් පදක්කමක් හා ඩිප්ලෝමා සහතිකයක්ද පිරිනමා තිබේ. තමාට නොබෙල් සාම ත්‍යාගය හිමිවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉරානයේ සිර කඳවුරක සිටින නාගීස් පවසා ඇත්තේ ජනතාවගේ සහයෝගය නොමැති නීත්‍යනුකුලභාවයක් නැති ඉරාන රජයට එරෙහි සටන ජයගැනීමට ඉරාන ජනතාවට නියත වශයෙන්ම හැකියාව ඇති බවයි.

මෙම නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමේ උත්සවය ඔස්ලෝ නගර ශාලාවේදී පැවැත්විණි.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment