නොරොච්චෝල යන්ත‍්‍ර දෙක ජාතික පද්ධතියට සම්බන්ධ කරයි: පැය භායක විදුලිය කැපීම නවතී

115

නොරොච්චෝල බලාගාරයේ යන්ත‍්‍ර දෙකක විදුලිය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කළ නිසා ඊයේ (16 දා) සිට පැය භාගයක විදුලිය විසන්ධි කිරීම නවතා දැමූ බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක ඉංජිනේරු සුලක්ෂණ ජයවර්ධන මහතා ‘‘දිවයින’’ට ඊයේ (16 දා) පැවසීය.

නොරොච්චෝල ගල්අ`ගුරු බලාගාරයේ යන්ත‍්‍ර තුනෙන් 01 සහ 03 යන්ත‍්‍ර දෙක මගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 600 ක් ලබාදෙන බවත් 02 වැනි යන්ත‍්‍රයේ අලූත්වැඩියාවක් හේතුවෙන් නතර කර ඇති බවත් ඔහු කීය.

නොරොච්චෝල යන්ත‍්‍ර තුනෙන් පසුගිය දිනවල එක් යන්ත‍්‍රයක් පමණක් ක‍්‍රියාත්මකවීම නිසා විදුලිබල අවශ්‍යතාව වැඩිපුර අවශ්‍ය සවස 6.00 ත් රාත‍්‍රි 9.30 ත් අතර පැය භාගය බැගින් විවිධ ප‍්‍රදේශවල විදුලිය විසන්ධි කළ බවත් එයද ඊයේ (16 දා) සිට අත්හිටුවා අඛණ්ඩව විදුලිය ලබාදීමට කටයුතු කළ බවත් ඔහු කීය. ඊයේ (16 දා) වනතෙක් ජාතික විදුලිබල නිෂ්පාදනයෙන් සියයට 60 ක් පමණ ජල විදුලිය ආශ‍්‍රිතව විදුලිය නිපදවන බවද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment