බෝපත්තලාව කොඩිගහකන්ද රක්ෂිතයේ ගින්න කිරිගල්පොත්තට පැතිරෙන හැඩ

42

බෝපත්තලාව, කොඩිගහකන්ද රක්ෂිතයේ 19 වැනි දින රාත්‍රියේ සිට ගින්නක් හටගෙන ඇති බව බෝපත්තලාව සත්ව ගොවිපළේ සේවකයෝ කියා සිටිති.

බෝපත්තලාව රජයේ සත්ව ගොවිපළේ මැණික් පාලම දෙකේ කණුව ප්‍රදේශයේ ගින්න හටගෙන තිබේ. ගින්න මේ වනවිට කිරිගල්පොත්ත රක්ෂිතය දක්වා පැතිර යමින් පවතින බව සත්ව ගොවිපළේ සේවකයෝ කියති.

පැතිර යන ගින්න පාලනය කිරීමට වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් රක්ෂිතය තුළට පිවිසි ඇති බවත්, පවතින අධික වියළි කාලගුණය සහ දැඩි සුළං තත්ත්වය හමුවේ ගින්න ශීඝ්‍රයෙන් පැතිර යන නිසා ගින්න පාලනය කිරීමට එම නිලධාරීන්ට නොහැකි බව ඔවූහු පෙන්වා දෙති.

සේවකියන් කියා සිටින්නේ එම රක්ෂිතය තුළ ගෝනුන් ඉතා බහුල වශයෙන් වෙසෙන අතර, රක්ෂිතය තුළ කඳුකර කොටියන් ද ගැවසෙන බවයි.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment