අධිවේගයේ දී චීනාගෙන් අල්ලස් ගත් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

529

අධිවේගී මාර්ගයේදී වාහනයක් පදවාගෙන පැමිණි චීන ජාතිකයකුගෙන් අල්ලසක් වශයෙන් ඇමෙරිකන් ඩොලර් සියයක මුදලක් ලබාගත් පින්නදූව අධිවේග මාර්ගයේ සේවය කළ පොලිස් සැරයන්වරයකුගේ සේවය තහනම් කළ බව ජ්‍යේෂඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (17දා) පැවැසීය.

මෙම චීන ජාතිකයා පැදවූ වාහනය නතර කර ඇති මෙම පොලිස් සැරයන්වරයා වාහනය අධිකවේගයෙන් පැදවූ බවට ඔහුට චෝදනා නගා ඇත. නඩු පැවරීම නතර කිරීම සඳහා මෙසේ අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.

මෙම චීන ජාතිකයා ඒ මොහොතේ ඔහු ළඟ තිබූ ඇමෙරිකන් ඩොලර් සියයක මුදල සැරයන්වරයා අතට පත්කර තිබේ.

පසුව ඔහු මෙම සිද්ධිය අධිවේග මාර්ගයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට පැමිණිලි කර තිබේ.

ඒ අනුව සැරයන්වරයාගේ සේවය මෙසේ තහනම් කර තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment