අයිස් ගහන්න මුදල් ඉල්ලා මවට කරදර කරන මල්ලීට අයියා පිහියෙන් ඇන මරයි

461

වැඩිමල් සොහොයුරා විසින් සිය බාල සොහොයුරා පිහියකින් ඇන මරා දමා ඇතැයි කිරුළපන පොලිසිය පවසයි.

පෙරේදා (16දා) සිදුවී ඇති මෙම සිද්ධියේදී ඝාතනයට ලක්වී ඇත්තේ කිරුළපන පදිංචිව සිටි 29 හැවිරිදි තරුණයෙකි. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 32 හැවිරිදි වියේ පසු වන ඔහුගේ වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා දැඩි ලෙස අයිස් හා හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී සිටි අයකු බවත් ඔහු මුදල් ඉල්ලා සිය මවට කරදර කිරීම දරාගත නොහැකිව වැඩිමල් සොහොයුරා සිය බාල සොහොයුරාගේ පපු ප්‍රදේශයට පිහියෙන් ඇන ඇති බව හෙළිවිණැයි පොලිසිය පවසයි.

සැකකාර සොහොයුරා ඝාතනයට යොදාගත් පිහිය ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment